Search

ඔස්ට්‍රේලියාවේ ජීවත්වීමට වියදම් අඩුම නගරය මෙල්බන්

ඔස්ට්‍රේලියාවේ ජීවත්වීමට වියදම් අඩුම නගරය මෙල්බන් බව Timeout සඟරාවේ නවතම වාර්තා අනුව හෙළිවී තිබෙනවා.

ලොව පුරා නගර 218ක් අධ්‍යනය කරමින් සිදු කර ඇති මෙම සමීක්ෂණයේ දී ජීවත් වීමට අඩුම වියදමක් සහිත නගර අතරින් මෙල්බන් නගරයට හිමිව ඇත්තේ 42වන ස්ථානයයි.

මෙරට දෛනික ජන ජීවිතය සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයකින් ඉහළ යෑමත් සමග ඔස්ට්‍රේලියානුවන් ගැටලු රැසකට මුහුණ දී ඇති අවස්ථාවක මෙවැනි අනාවරණයක් සිදු වීම සුවිශේෂී කරුණක් වනවා.

ඔස්ට්‍රේලියාව තුළ වියදම් අඩුම නගරය ලෙස මෙල්බන් නම් කෙරුණ ද ගෝලීය වාර්තා අනුව ලොව වියදම් අධික නගර 50 අතුරින් 6ක් ඔස්ට්‍රේලියාවේ වීම ද විශේෂත්වයක්.

සෑම මාස 6කට වරක් ලොව ජීවත්වීමට වඩාත් වියදම් අධික නගර පිළිබද අධ්‍යනය සිදු කෙරෙන අතර ඒ අනුව කැන්බරා අගනුවර ඔස්ට්‍රේලියාවේ වියදම් අධිකතම නගරය ලෙසටයි නම් කර ඇත්තේ.

කැන්බරා නගරයට ගෝලිය දර්ශකය අනුව හිමිව ඇත්තේ 12වන ස්ථානයයි.

ඔස්ට්‍රේලියාවේ වියදම් අධික දෙවන නගරය ඇඩිලේඩ් වන අතර ගෝලීය වශයෙන් ඇඩිලේඩ් නගරයට හිමිව ඇත්තේ 20වන ස්ථානයයි.

සිඩ්නි නගරය වියදම් වැඩිම නගර අතුරින් ගෝලීය වශයෙන් 24වන ස්ථානයට පැමිණ ඇති අතර පර්ත් නගරය ඔස්ට්‍රේලියාවේ සිව්වන වියදම් අධිකතම නගරය බවට පත්ව තිබෙනවා.

බ්‍රිස්බේන් ලොව වියදම් අධිකතම නගර අතුරින් පැමිණ ඇත්තේ 40වන ස්ථානයටයි.

ලොව ජීවත් වීමට වියදම් අධිලකම නගරය වන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරය වන අතර දෙවන ස්ථානයත් ස්විට්සර්ලන්තයේ සුරික් නගරය හිමිකරගෙන තිබීම විශේෂත්වයක්.

ජීවත් වීමට වියදම් වැඩිම නගර 20න් 12ක්ම ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ වීම කැපී පෙනෙන කරුණක් වනවා.

මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ඔස්ට්‍රේලියාවේ වැඩිම වියදම් සහිත නගර අතර අවසාන ස්ථානයට මෙල්බන් නගරය පැමිණීම මගින් පෙන්නුම් කෙරෙන්නේ මෙරට අනෙකුග් අග නගරවලට සාපේක්ෂව මෙල්බන් නගරයේ වියදම් අඩු වී ඇති බවයි.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »