ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වයස අවුරුදු පහට අඩු ළමුන් උණ රෝගය හේතුවෙන් රෝහල් ගතවීමේ සංඛ්‍යාව පසුගිය සතිය තුළ දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.
ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරන ලද නව සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය 10 වනදා වන විට සමස්ත උණ රෝගීන් 364 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Steven Miles සඳහන් කළේ අවුරුදු පහට අඩු ළමුන් 28 දෙනෙකු උණ රෝගය හේතුවෙන් සතියක් තුළ රෝහල් ගත කර ඇති බවයි.
ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳී රෝහල් ගත කළ ළමුන්ගෙන් එන්නත් ලබාගෙන තිබී ඇත්තේ සියයට 15කටත් අඩු ප්‍රමාණයක් බව ද සඳහන්.
මාස 6කට වැඩි දරුවන් ද ඇතුළුව ඕනෑම අයෙකුට සැප්තැම්බර් 30 දක්වා නොමිලේ උණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා වෙලාවක් වෙන් කර ගැනීමට ප්‍රාදේශීය වෛද්‍යවරුන් හමුවන ලෙසට ද දන්වා තිබෙනවා.
කුඩා ළමුන් සහ ප්‍රජාවේ වඩාත්ම අවදානමට ලක්විය හැකි පුද්ගලයින් උණ රෝගයෙන් ආරක්ෂා වීම සඳහා
එන්නත් ලබා ගැනීමට දැනුම් දෙන අතර මෙම සෞඛ්‍ය අවදානම අගෝස්තු මස අවසානයත් සමග පහව යනු ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පුරෝකතනය කර තිබෙනවා.
නොමිලේ ලබා දෙන උණ එන්නත් ඉතා ඉක්මනින් ලබා ගන්නා ලෙසද ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය අමාත්‍ය Steven Miles ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.