Search

විදුලි බිලට බියෙන් හීටර් නැතිව ශීතලේ සිටින ඔස්ට්‍රේලියානුවන් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩිදෙනෙක් මෙවර ශීත සෘතුවේදී හීටර් භාවිත කිරීමෙන් වැළකි සිටින බව නවතම සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

විදුලි බිල්පත සදහා වැඩි මුදලක් වැයවනු ඇති බවට පවතින බිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් බොහෝ පිරිසක් මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

Finder සමීක්ෂණයකට අනුව සෑම ඔස්ට්‍රේලියානුවන් 8 දෙනෙකුගෙන් එක් අයෙක් හීටර් භාවිතයෙන් වැළකී සිටින අතර තවත් සියයට 36ක් සඳහන් කර ඇත්තේ හැකි සෑම විටම තමන් හීටර් භාවිතයෙන් ඉවත්ව සිටින බවයි.

පුද්ගලයින් 1049 දෙනෙකු යොදාගනිමින් Finder විසින් මෙම අධ්‍යනය සිදුකර ඇති අතර ඔස්ට්‍රේලියානුවන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ශිත සෘතුව තුළ උණුසුම්ව නොසිටන බව එම සොයාගැනීම්වලින් තහවුරු වී තිබෙනවා.

මෙම අගය සමස්ත ඔස්ට්‍රේලියානුවන් හා සැසදීමේ දී මිලියන 4.9ක අගයක් ගන්නා බව සඳහන්.

ෆෙඩරල් රජය විසින් ඔස්ට්‍රේලියානුවන්ට බලශක්ති බිල්පත් වට්ටම් ලබාදීම මේ වන විටත් ආරම්භ කර ඇති අතර ඩොලර් 75දක්වා කාර්තුමය වශයෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඉදිරියේදී ප්‍රතිලාභ හිමිවනු ඇති.

Finder විශේෂඥන් සඳහන් කළේ මෙලෙස ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුව තුළ උණුසුමින් නොසිටීමට හේතුව වන්නේ බලශක්ති බිල්පත් ඉහළ යෑම තුළින් ගෘහස්ථ වියදමට දැඩි බලපෑම් එල්ල වීම බවයි.

මේ අතර සෑම සතියකම විදුලි බිල්පත් සහන ඉල්ලා ලැබෙන ඇමතුම් සංඛ්‍යාව 1000 ඉක්මවා ඇති බව Energy Australia ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

සංක්‍රමණිකයන් නිසා වෙනස් වූ ඔස්ට්‍රේලියාවේ ජනගහණය ගැන අලුත් වාර්තාවක්

ඔස්ට්‍රේලියාවේ ඉහළම ජනගහන වර්ධනය වාර්තා වන ප්‍රාන්තය බටහිර ඔස්ට්‍රේලියාව බවට නව සංඛ්‍යාලේඛන මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »