සිඩ්නි බර්වුඩ් (Burwood) ප්රදේශයේ නිවසකින් පිහි ඇනුම් තුවාල සහිත යුවළකගේ සිරුරු සොයාගෙන තිබෙනවා.
අද උදෑසන පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.
පොලිසිය කළ සෝදිසියකදී පළමුවෙන් පිරිමි මළ සිරුර සොයා ගෙන ඇති අතර තවදුරටත් කළ සොයා බැලීමකදී එම නිවාස සංකීර්ණයේම තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනුණා.
මියගිය දෙදෙනාම තවමත් හඳුනාගෙන නොමැති බව පොලිසිය ප්රකාශ කළ අතර සිද්ධියට අදාළ නිශ්චිත තොරතුරක් ද මෙතෙක් හෙළිවී නැහැ.
බර්වුඩ්හි පොලිස් අණදෙන නිලධාරි අධිකාරී ක්රිස්ටීන් මැක්ඩොනල්ඩ් පැවසුවේ මෙම මරණ මිනීමැරුමක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න මෙතෙක් නිශ්චිතව ප්රකාශ කළ නොහැකි බවයි.
මෙම යුවළ කවුරුන්ද යන්න අනාවරණ කර ගැනීමට පොලිසිය තවමත් උත්සාහ කරමින් සිටින අතර අද උදෑසන කාන්තාවක් මෙම මහල් නිවාසය දෙසට ගමන් කරන ආකාරය CCTV කැමරාවල සටහන් වී තිබුණා.
පොලිසිය ඉල්ලා සිටියේ මෙම ඝාතනයට සම්බන්ධ සැක කටයුතු දෙයක් දුටු ඕනෑම අයෙකුට ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසටයි.