ජීවන වියදම් පීඩනය මධ්‍යයේ ඔස්ට්‍රේලියානුවන් විශාල ආතතියකින් පසුවන බව නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.
Hawker Britton හි කළමනාකාර අධ්‍යක්ෂ සයිමන් බෑන්ක්ස් පවසන්නේ එම ජීවන වියදම් පීඩනය හමුවේ වත්මන් රජයට පවතින ජනතා සහයෝගය පහත වැටී ඇති බවයි.
Hawker Britton යනු ඔස්ට්‍රේලියාවේ දේශපාලන උපදේශන සමාගමක් වන අතර එය ඔස්ට්‍රේලියානු කම්කරු පක්ෂය සමඟ සබඳතාවක් පවතින ආයතනයක් ලෙසටයි සැලකෙන්නේ.
එහි කළමනාකාර අධ්‍යක්ෂවරයාට අනුව ලේබර් පක්ෂයට ඇති ජනතා කැමැත්ත සියයට 32ක් පමණ දක්වා අඩු වී ඇති අතර විපක්ෂ සන්ධානයට ලැබෙන සහයෝගය සියයට 39ක් දක්වා වැඩි වී ඇති බව සඳහන්.
ඕස්ට්‍රේලියානුවන් ඉතා දැඩි ජීවන වියදම් පීඩනයකට ලක්ව සිටින අවස්ථාවක රජයට ඇති අප්‍රසාදය මෙලෙස ඉහළ යාම පුදුමයක් නොවන බව ඔහු පෙන්වා දෙනවා.
මෙම ගැටලුවට විසඳුමක් ගෙන එන අයෙකු ලේබර් පක්ෂය තුළ සිටින බවට ඔස්ට්‍රේලියානුවන් විශ්වාස නොකරන බව ද සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.
ඔස්ට්‍රේලියානු ප්‍රජාවේ විශාල කොටසක් දැවැන්ත ආතතියක සිටියදී වුව ද තවමත් රජය පිළිබඳ බලාපොරොත්තු අතහැර නොමැති පිරිසක් ද වන බවයි වාර්තා වන්නේ.