ප්‍රංශයේ පැරිස් නුවර පැවති 33 වැනි ඔලිම්පික් උලෙළ පදක්කම් සටහනේ මුල් තැන ඇමරිකාවට හිමි කර දෙමින් අවසන් වුණා.
දින 16ක් පුරා පැවති ඔලිම්පික් උලෙළට රටවල් 206ක් නියෝජනය කරමින් සහභාගී වූ තරගකරුවන් සංඛ්‍යාව 10,714ක්.
තරගාවලියේ අවසන් මෙහොතේ පදක්කම් සටහනේ පෙරමුණ ගන්නට අමෙරිකාව සමත් වූයේ මෙතෙක් පදක්කම් සටහනේ පෙරමුණ ගෙනසිටි චීනය දෙවැනි ස්ථානය පත් කරමින්.
අමෙරිකාව රන් පදක්කම් 40ක් රිදී පදක්කම් 44ක් සහ ලෝකඩ පදක්කම් 42ක් ඇතුළුව සමස්ත පදක්කම් 126ක් දිනාගෙන තිබෙනවා.
දෙවන ස්ථානය දිනාගත් චීනය රන් පදක්කම් 40ක් රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 24ක් ඇතුළුව සමස්ත පදක්කම් 91ක් දිනා ගත්තා.
තුන්වැනි ස්ථානයේ සිටි ඔස්ට්‍රේලියාව 4 වන ස්ථානයට පත් කරමින් ජපානය තුන් වන ස්ථානයට පැමිණීමට සමත් වුණා.
ජපානය රන් පදක්කම් 20ක්, රිදී 12ක් සහ ලෝකඩ 13ක් සමගින් සමස්ත පදක්කම් 45ක් දිනාගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියාව මෙවර ඔලිම්පික් තරගාවලියේදී රන් පදක්කම් 18ක්, රිදී පදක්කම් 19ක් සහ ලෝකඩ පදක්කම් 16ක් සමගින් සමස්ත පදක්කම් 53ක් දිනා ගත්තා.
විචිත්‍රවත් වු සමාප්ති උලෙළට සියලු රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ස්ටාඩ් ඩී ෆ්‍රාන්ස් ක්‍රීඩාගාරයට පැමිණි අතර එහිදී ශ්‍රී ලංකා ධජය ගෙන යාමේ වගකීම පැවරී තිබුණේ තරුෂි කරුණාරත්නට සහ අරුණ දර්ශන ටයි.
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ රන් පදක්කම්ලාභී කෙයිලී මැකියුවන් (Kaylee McKeown) සහ මැට් වර්න් (Matt Wearn) සමාප්ති උළෙලේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ධජය දරන්නන් ලෙසට කටයුතු කළා.
වැයුම් ගැයුම්වලින් අලංකාර වු පැරිස් ඔලිම්පික් උලෙළේ සමාප්තිය සියැසින් දැක බලා ගැනීම සඳහා ප්‍රෙක්ෂකයින් 70,000කට ඉඩකඩ වෙන් කර තිබීමත් කැපී පෙනෙන කරුණක්.
අනතුරුව ජගත් ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාච් නිල වශයෙන් 2024 පැරිස් ඔලිම්පික් උලෙළ අවසන් වු බව ප්‍රකාශ කළා.
34වැනි ඔලිම්පික් උලෙළේ සත්කාරකත්වය අමෙරිකාවට හිමිවන බව ජගත් ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාච් නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි ඔලිම්පික් ධජය අමෙරිකාවට භාර දෙනු ලැබුවේ.