ඔස්ට්‍රේලියාවේ නිවාස අර්බුදයට මූලික හේතුව විදෙස් සංක්‍රමණ නොවන බව හරිත පක්ෂ මන්ත්‍රී මැක්ස් චැන්ඩ්ලර්-මාතර් (Max Chandler-Mather) පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ මෙම නිවාස අර්බුදයට සංක්‍රමණය මූලික හේතුව බවට වන ප්‍රකාශවලට තමන් එකඟ නොවන බවයි.
කොවිඩ් වසංගතය ආරම්භයේ සිට මේ දක්වා සංක්‍රමණිකයන් රැඳී සිටින නිවාස ඒකක සංඛ්‍යාව ඔස්ට්‍රේලියාව ඉදිකර ඇති නව නිවාස සංඛ්‍යාවෙන් අඩක් පමණ වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
කොවිඩ් වසංගත සමයේ සිට මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංක්‍රමණිකයන් ප්‍රමාණයට වඩා නිවාස ඉදිකර ඇති බව ඔහු ප්‍රකාශ කළා.
මේ අතර පසුගියදා විශේෂඥයින් පිරිසක් පෙන්වා දී තිබුණේ ජාත්‍යන්තර සිසුන්ගේ පැමිණීම ද ඔස්ට්‍රේලියාවේ නිවාස අර්බුධය සඳහා සෘජු සාධකයන් නොවන බවටයි.
සෑම වසරකම අධ්‍යාපන ආයතනවලට බඳවා ගත හැකි ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සීමා කර නව නීති සම්පාදනය කිරීමට රජය උත්සාහ කරන අතර මෙලෙස ජාත්‍යන්තර සිසුන් සීමා කිරීම මෙරට රැකියා ක්ෂේත්‍රය අනතුරට දැමීමක් බව ඔවුන් පෙන්වාදී තිබුණා.
ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල ප්‍රධාන විධායක නිලධාරි Luke Sheehy සඳහන් කළේ දැනට පවතින නිවාස අර්බුදයට විදේශීය සිසුන් සෘජුව සම්බන්ධ කිරීම ගැටලු සහගත බවයි.