Search

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග අනතුරු මරණ ඉහළට

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග අනතුරු මරණ පසුගිය 2023 වසරේ මෙම කාලසීමාවට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙම වසරේ ගත වූ කාලය තුල රිය අනතුරු හේතුවෙන් මරණ 175ක් වාර්තා වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ද මෙල්බන් සහ බැලරට් ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් දෙදෙනෙක් මරණයට පත් වුණා.

ප්‍රාන්තයේ මාර්ගවල මරණ සහ බරපතල තුවාල සිදු වන අනතුරු වැඩිවීම හේතුවෙන් සුපරීක්ෂාකාරී වන ලෙසට වික්ටෝරියා පොලිසිය මාර්ග භාවිතා කරන්නන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම වසරේ මාර්ග අනතුරුවලින් යතුරුපැදිකරුවන් 43ක් මිය ගොස් ඇති අතර එය 2023 වසරේ මෙම කාලය වන විට වාර්තා වූ මරණ මෙන් දෙගුණයකට ආසන්න අගයක් වනවා.

වික්ටෝරියා සහකාර පොලිස් කොමසාරිස් ග්ලෙන් වීර් පැවසුවේ ප්‍රාන්තයේ මාර්ගවල සිදු වූ අනතුරුවලින් බහුතරයක් සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකිව තිබු බවයි.

2023 වසරේදී වික්ටෝරියා ප්‍රාන්තයේ රිය අනතුරුවලින් මරණ 296ක් සිදු වී ඇති අතර එම තත්වයට නැවත ළඟා වීමට අවශ්‍ය නොවන බව සහකාර පොලිස් කොමසාරිස්වරයා අවධාරණය කළා.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »