Search

එංගලන්තයේ විරෝධතා අතර ශ්‍රී ලාංකික වෙළඳසැල් හිමිකරුවෙකුට සිදුවූ දේ

බ්‍රිතාන්‍යයේ සංක්‍රමණ විරෝධී කැරලිකරුවන් විසින් සවුත්පෝර්ට් හි පිහිටි ශ්‍රී ලාංකිකයෙකුගේ වෙළඳ සැලක් ද කොල්ලකා විනාශ කර ඇතැයි වාර්තා වනවා.

එරට විරෝධතා ව්‍යාපාරයට මූලික වූ පිහි ඇනුම සිදු වූ නර්ථන මධ්‍යස්ථානය ආසන්නයේම පිහිටි වින්ඩ්සර් මිනි මාර්ට් (Windsor Mini Mart) නම් මෙම සිල්ලර වෙළඳසල පිහි ප්‍රහාරයට පසු දිනම විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

එංගලන්තය පුරා සහ උතුරු අයර්ලන්තයේ නගරවල ඇති වූ ප්‍රචණ්ඩත්වය වැරදි තොරතුරු හේතුවෙන් වර්ධනය වූ අතර තවදුරටත් ප්‍රහාර වැළැක්වීම සඳහා ද දහස් ගණනක් ජනතාව වීදි බැස තිබුණා.

විරෝධතාකරුවන් තම වෙළඳ සැලේ ජනේල කඩා දමා ඊට ඇතුලු වී දුම්වැටි සහ මත්පැන් පැහැර ගන්නා ආකාරය නිවසේ සිට CCTV කැමරා ඔස්සේ දැක ගැනීමට හැකි වූ බව වින්ඩ්සර් මිනි මාර්ට් හිමිකරු වන 47 හැවිරිදි චානක බාලසූරිය ප්‍රකාශ කළා.

මෙම කණ්ඩායම අතර වයස අවුරුදු 11ක පමණ පිරිමි ළමයින් ද සිටින බවට හඳුනාගෙන ඇති අතර කිසිවෙකුත් ඔවුන්ගේ අනන්‍යතාව සැඟවීමට ද උත්සාහ කර නැහැ.

චානක බාලසූරිය BBC මාධ්‍ය ආයතනය සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ පසුදින උදෑසන තමන් කිසිදු දිනක කතා කර හෝ නොමැති අසල්වාසීන් තම වෙළඳසල අලුත්වැඩියාවට සහ පිරිසිදු කිරීමට සහාය වූ බවයි.

එමෙන්ම ඔහුගේ වෙළඳසැල ආසන්නයේ පිහිටි රූපලාවන්‍යාගාරයක හිමිකරු විසින් අලුත්වැඩියා කටයුතු සඳහා පවුම් 11,000කට වඩා වැඩි මුදලක් අරමුදල් සැපයීමේ ව්‍යාපාරයක් තුළින් රැස් කර තිබෙනවා.

ඔවුන්ගේ සහයෝගයෙන් දින කිහිපයකට පසු නැවත තම වෙළඳසල විවෘත කළ චානක බාලසූරිය සඳහන් කළේ තමන්ට මෙතරම් සහයෝගයක් ලැබෙනු ඇතැයි කිසිදු අවස්ථාවක විශ්වාස නොකළ බවයි.

නාඳුනන අයගෙන් ලැබෙන එම සහයෝගය අදහාගත නොහැකි බව 1990 ගණන්වල ශ්‍රී ලංකාවෙන් බ්‍රිතාන්‍යට පැමිණි චානක බාලසූරිය BBC වෙත ප්‍රකාශ කර තිබෙනවා.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »