ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ Point Vernon හි කැරවන් පාර්ක් (caravan park) උද්‍යානයේ දී පිහි ඇනුමකින් 24 හැවිරිදි තරුණයෙකු මිය යාමේ සිද්ධියට 14 හැවිරිදි දැරියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
උද්‍යානයේදී මෙම තරුණයාට සැකකාර ගැහැණු ළමයා විසින් පිහියෙන් ඇන ඝාතනය කළ ආකාරය තවත් දැරියක් දැක ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වැඩබලන පොලිස් පරීක්ෂක ක්‍රේග් මෑන්ස්ෆීල්ඩ් පැවසුවේ මෙම සිදුවීමට අදාළව සැක කටයුතු සිදුවීම් රැසක් පවතින අතර පුද්ගල ඝාතන චෝදනාව සම්බන්ධයෙන් විශ්වාස කරන බවයි.
මෙම 14 හැවිරිදි දැරියන් දෙදෙනා මෙම තරුණයා සමග සිටීමට හේතුව කුමක් ද යන්න සම්බන්ධයෙන් ද පොලිසියේ අවධානය යොමු වී තිබෙනවා.
මියගිය තරුණයා සහ 14 හැවිරිදි ගැහැණු ළමයා අතර කිසියම් සම්බන්ධයක් පවතින්නට ඇති බව ද පොලිසිය සැක කරන අතර ඔවුන් හමු වූයේ මෙම ඝාතනයට පැය කිහිපයකට පෙර වන්නට ඇති බවයි සඳහන් වන්නේ.
පොලිස් පරීක්ෂකවරයා පැවසුවේ මෙම තරුණයා මෑතකදී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති අයෙක් බවයි.
සැකකාර දැරිය හෙට ළමා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු දන්නා අයෙක් වෙතොත් දැනුම් දෙන ලෙසට පොලිසිය ඉල්ලීමක් කරනවා.