සූදු ක්‍රීඩාවට සම්බන්ධ ප්‍රචාරණ කටයුතු තහනම් කරන ලෙසට ඉල්ලමින් මෙරට හිටපු අගමැතිවරුන් ඇතුළු පිරිසක් ෆෙඩරල් රජයට භාරදීම සඳහා ලිපියකට අත්සන් කර තිබෙනවා.
හිටපු අගමැතිවරුන්, වෘත්තීය සමිති නායකයින් සහ වෛද්‍ය විශේෂඥයින් ඇතුළු ප්‍රමුඛ පෙළේ ඔස්ට්‍රේලියානුවන් 70කට වැඩි පිරිසක් ඊට අත්සන් තබා ඇති බව සඳහන්.
අගමැති Anthony Albanese සහ විපක්ෂ නායක Peter Dutton වෙත යොමු කෙරෙන මෙම විවෘත ලිපියක් මගින් සූදු ක්‍රීඩාව සම්බන්ධ දැන්වීම් රුපවාහිනී ඇතුලු ප්‍රචාරණ මාධ්‍යයන්ගෙන් වසර තුනක් ඇතුළත ඉවත් කරන ලෙස ඉල්ලා තිබෙනවා.
සූදු ප්‍රතිසංස්කරණ සඳහා වූ සන්ධානයේ ප්‍රධාන විධායක ටිම් කොස්ටෙලෝ ප්‍රකාශ කළේ දුම්කොළ වෙළඳ දැන්වීම්වලට පියවර ගත් ආකාරයෙන් සූදු දැන්වීම්වලට ද ප්‍රතිචාර දැක්විය යුතු බවයි.
හිටපු ෆෙඩරල් සහ ප්‍රාන්ත අගමැතිවරුන් වන ජෝන් හොවාර්ඩ්, මැල්කම් ටර්න්බුල්, ඩොමිනික් පෙරොටෙට් සහ ජෙෆ් කෙනට් ද මෙම අත්සන් ව්‍යාපාරයට සහාය ලබාදී තිබෙනවා.
නවතම වාර්තා මගින් හෙළිවී ඇත්තේ තනි පුද්ගලයන් වශයෙන් ගත් විට ඔස්ට්‍රේලියානුවන් ලෝකයේ සූදුවට වැඩිම මුදලක් වැය කරන පුද්ගලයන් වන අතර එම වියදමේ සමස්ත එකතුව ඩොලර් බිලියන 25ක් පමණ වන බවයි.