ලොව පුරා ව්‍යාපාරික ආයතනවල සේවය කරනු ලබන ප්‍රධාන විධායක නිලධාරීන් වැඩි වශයෙන් බිහි කරනු ලැබූ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.
Immerse Education විසින් LinkedIn දත්ත විශ්ලේෂණය කරමින් මෙම වාර්තාව සකස් කර තිබෙනවා.
ගෝල්ඩ් කෝස්ට් හි පිහිටි බොන්ඩ් විශ්ව විද්‍යාලය (Bond University) ප්‍රධාන විධායක නිලධාරීන් වැඩි ප්‍රතිශතයක් නිර්මාණය කළ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල අතරින් පළමු තැනට පැමිණ තිබෙනවා.
එම විශ්ව විද්‍යාලයේ ආදි සිසුන්ගෙන් සියයට 4.75ක් පමණ ප්‍රධාන විධායක නිලධාරීන් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
දෙවන ස්ථානයට නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ New England විශ්ව විද්‍යාලය පැමිණ තිබෙනවා.
එහි අධ්‍යාපනය ලැබූ ආදි සිසුන් 55,897කින් සියයට 4.34ක් විවිධ ආයතනවල ප්‍රධාන විධායකයින් බවට පත්වී ඇතැයි සඳහන්.
තුන්වන ස්ථානයට පැමිණ ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයක් වන ඩිවිනිටි විශ්ව විද්‍යාලය (University of Divinity) වන අතර එහි ආදි ශිෂ්‍යයන්ගෙන් සියයට 3.6 ක් පසුකාලීනව සමාගම් ප්‍රධානින් බවට පත්වී තිබෙනවා.
සදර්න් ක්‍රොස් විශ්ව විද්‍යාලය (Southern Cross University) හතර වන ස්ථානයට පැමිණ ඇති අතර එහි ආදි සිසුන් 43,000න් 1556ක් ප්‍රධාන විධායකයින් බවට පත්ව ඇතැයි සඳහන්.
Southern Queensland විශ්ව විද්‍යාලය, නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලය, සිඩ්නි විශ්ව විද්‍යාලය, සිඩ්නි තාක්ෂණික විශ්ව විද්‍යාලය, මෙල්බන් විශ්ව විද්‍යාලය සහ Australian National University පිළිවෙලින් 5 වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා නම් කර තිබෙනවා.