වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග අනතුරු මරණ පසුගිය 2023 වසරේ මෙම කාලසීමාවට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසනවා.
මෙම වසරේ ගත වූ කාලය තුල රිය අනතුරු හේතුවෙන් මරණ 175ක් වාර්තා වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ද මෙල්බන් සහ බැලරට් ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් දෙදෙනෙක් මරණයට පත් වුණා.
ප්‍රාන්තයේ මාර්ගවල මරණ සහ බරපතල තුවාල සිදු වන අනතුරු වැඩිවීම හේතුවෙන් සුපරීක්ෂාකාරී වන ලෙසට වික්ටෝරියා පොලිසිය මාර්ග භාවිතා කරන්නන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මෙම වසරේ මාර්ග අනතුරුවලින් යතුරුපැදිකරුවන් 43ක් මිය ගොස් ඇති අතර එය 2023 වසරේ මෙම කාලය වන විට වාර්තා වූ මරණ මෙන් දෙගුණයකට ආසන්න අගයක් වනවා.
වික්ටෝරියා සහකාර පොලිස් කොමසාරිස් ග්ලෙන් වීර් පැවසුවේ ප්‍රාන්තයේ මාර්ගවල සිදු වූ අනතුරුවලින් බහුතරයක් සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකිව තිබු බවයි.
2023 වසරේදී වික්ටෝරියා ප්‍රාන්තයේ රිය අනතුරුවලින් මරණ 296ක් සිදු වී ඇති අතර එම තත්වයට නැවත ළඟා වීමට අවශ්‍ය නොවන බව සහකාර පොලිස් කොමසාරිස්වරයා අවධාරණය කළා.