Aged care සේවකයින් මානසික ගැටලුවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින බව Safe Work Australia හි නව වාර්තාවක් අනාවරණය කර තිබෙනවා.
සිදු කළ යුතු රාජකාරී අධික වීම, පාලනයක් නොමැතිකම, ගැටුම් හෝ දුර්වල සේවා ස්ථාන සබඳතා සහ හිරිහැර කිරීම් වැනි අවදානම් සේවකයන්ට පවතින බවයි වාර්තා වන්නේ.
බිම් මට්ටමේ සිට සේවා ස්ථාන පද්ධති සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම මෙම ගැටලුවට වඩාත් ඵලදායී විසඳුම විය හැකි බව කර්ටින් විශ්ව විද්‍යාලය සිදු කළ පර්යේෂණයකින් සොයා ගෙන තිබෙනවා.
Safe Work Australia වාර්තාව පවසන්නේ පරිපාලන අවශ්‍යතා, අකාර්යක්ෂම ක්‍රියාවලීන් සහ ක්‍රියා පටිපාටි, වැඩිහිටි හෝ රෝගීන්ගේ පවුල්වල සංකීර්ණ අවශ්‍යතා මෙන්ම දුර්වල සන්නිවේදනය වැනි ගැටළු මෙම තත්වයට බලපා ඇති බවයි.
ඩිමෙන්ශියාවෙන් පෙළෙන තම සැමියා ඝාතනය කිරීමට තැත් කළ බටහිර ඔස්ට්‍රේලියාවේ හෙදියකට දඬුවම් නියම වී දිනකට පසුවයි මෙම වාර්තාව නිකුත් වී ඇත්තේ.
වාර්තාව මගින් පෙන්වා දෙන්නේ මෙම ගැටලුව සඳහා ප්‍රධාන පිළියම වන්නේ සාමූහිකව නිර්මාණාත්මක, ඵලදායී වෙනසක් ඇති කිරීම සඳහා සේවකයින් සහ පාර්ශවකරුවන් සම්බන්ධ කර ගත හැකි ක්‍රියාවලියක් නිර්මාණය කිරීම බවයි.