Search

මෙල්බන්වලින් අතුරුදන් වූ සිසුවා අවසානයේදී හමුවූ තැන

පාසල් යන බව පවසා නිවසින් අතුරුදන් වූ මෙල්බන් පදිංචි 16 හැවිරිදි සිසුවා සතියකට ආසන්න කාලයක් සිදු කළ සෝදිසි මෙහෙයුම්වලින් පසු නිරුපද්‍රිතව හමුවී තිබෙනවා.

සිඩ්නි Penrith ප්‍රදේශයේදී අද අලුයම 1ට පමණ පොලිසිය මෙම සිසුවා සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ක්‍රිෂ් ලෙස හැඳින්වෙන ක්‍රිෂාන්ක් කාර්තික් පසුගිය 5 වන සඳුදා උදෑසන 7.45 ට පමණ මෙල්බර්න් Truganina ප්‍රදේශයේ පිහිටි නිවසින් පාසලට යන බව පවසා පිටත්ව ගිය ද පන්තියට ගොස් තිබුණේ නැහැ.

තම දරුවා පාසලට ගොස් නොමැති බවට හෙළි වීමෙන් පසුවයි පවුලේ ඥාතීන් පොලිසියට පැමිණිලි කර ඔහුගේ ඡායාරූප ද සමාජ මාධ්‍ය වෙත එක් කරමින් උදව් ඉල්ලා තිබුණේ.

ඔහු අවසන් වරට දැක ඇත්තේ අමතර ඇඳුම්, බෑගයක් සහ ගමන් මල්ලක් රැගෙන මෙල්බන් නගරයේ දුරකථන අලෙවි සලකදීයි.

මෙම පිරිමි ළමයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඥාතීන් සමාජ මාධ්‍යවල තැබූ සටහනකින් පසු දුරකථන වෙළඳසැලක හිමිකරු ඔවුන් අමතා ප්‍රකාශ කර තිබුණේ එදිනම පස්වරුවේ ක්‍රිෂාන්ක් ඔහුගේ iPhone 14 Pro දුරකථනය තමන්ට විකුණා ඇති බවයි.

ඔහුගේ අතුරුදහන් වීම පිළිබඳ පරීක්ෂණවලින් පසුව අද අලුයම 1ට පමණ පෙන්රිත් හිදී පොලිසිය සිසුවා සොයාගෙන ඥාතීන්ට භාරදී තිබෙනවා.

මෙම සිසුවාගේ මව සමාජ මාධ්‍ය සටහනක් තමබින් සඳහන් කළේ මෙම අවස්ථාවේ තම පුත්‍රයා සොයා ගැනීමට සහාය වූ සියලු දෙනාට ස්තුතිවන්ත වන බවයි.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »