Search

ඕස්ට්‍රේලියාවේ නිවාස නොමැතිව කූඩාරම්වල සිටින පිරිස උපරිම ධාරිතාවයට

ඕස්ට්‍රේලියාවේ නිවාස අර්බුදය මධ්‍යයේ නිවාස නොමැතිව කූඩාරම්වල සිටින පිරිස උපරිම ධාරිතාවයට පැමිණ ඇතැයි වාර්තා වනවා.

නිවාස අර්බුදය ඉතා දරුණු තත්වයකට පත්වී ඇති අතර එය දැන් නිවාස ව්‍යසනයක් ලෙස හඳුන්වා දිය හැකි බවයි විශ්ලේෂකයින් ප්‍රකාශ කර ඇත්තේ.

නිවාස නොමැති පුද්ගලයන් වෙනුවෙන් සැපයෙන සේවා සඳහා වැඩි වශයෙන් ජනතාව යොමු කෙරෙන අතර මාර්ග හෝ උද්‍යානවල කුඩාරම්වල රාත්‍රිය ගත කරන ජනතාවට යාමට තැනක් නොමැති බව ද හෙළිවී තිබෙනවා.

සිඩ්නිහි Wesley Edward Eagar Centre නිවාස නොමැති බොහෝ දෙනෙකුට ජීවන මාර්ගයක් වී තිබුණ ද සෑම දිනකම කාමර සම්පූර්ණයෙන්ම වෙන් කර ඇති බැවින් ඔවුන්ට ද ඉල්ලුම සපුරාලීමට අරගලයක නිරත වීමට සිදුවී ඇති බවයි පැවසෙන්නේ.

නව සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය මූල්‍ය වර්ෂය තුළ දෙමාපියන් සහ දරුවන් 88,000ක් නිවාස අහිමි වූවන් බවට පත්වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඊට ප්‍රධාන හේතුව වශයෙන් පෙන්වා දී ඇත්තේ දැරිය හැකි මුදලකට ලබා ගත හැකි කුලී නිවාස නොමැතිකම බව සඳහන්.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »