Search

ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන්ගේ හිඟයක්?

පුළුල් පරාසයක රෝගී තත්වයන් සහ සෞඛ්‍ය ගැටළුවලට ප්‍රතිකාර කිරීමේ වෛද්‍යවරුන්ගේ හිඟය සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස වෛද්‍යවරු රජයෙන් ඉල්ලීමක් කරනවා.

සෞඛ්‍ය හා වයස්ගත සත්කාර දෙපාර්තමේන්තුවේ (Department of Health and Aged Care) ශ්‍රම බල කාය පිළිබඳ නව වාර්තාවකින් පෙන්නුම් කළේ ඔස්ට්‍රේලියාව මේ වන විට පූර්ණ වෛද්‍යවරුන් 2460කගේ හිඟයකට මුහුණ දී සිටින බවයි.

2033 වන විට එම හිඟය 5560 දක්වා වර්ධනය වනු ඇති බවටයි පුරෝකථනය කර ඇති අතර රජයේ හදිසි මැදිහත්වීමේ අවශ්‍යතාවය මෙමගින් පෙන්නුම් කෙරෙන බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය ප්‍රකාශ කළා.

වෛද්‍ය ක්ෂේත්‍රයේ ශ්‍රම බලකාය නැවත ඉහළ නැංවිය යුතු අතර, එය ආරම්භ කළ යුත්තේ වැඩි වශයෙන් වෛද්‍යවරුන් පුහුණු කිරීම සහ අවශ්‍යතා ඇති ප්‍රදේශවල සේවය කිරීමට ඔවුන්ට සහාය වීම මගින් බවයි වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ.

ඒ සඳහා වෛද්‍ය විද්‍යාලයෙන් ආරම්භ වන පුළුල් ප්‍රතිපත්ති වෙනසක් අවශ්‍ය වන අතර වෛද්‍යවරුන්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ මුල් කාලයේ සාමාන්‍ය රෝගී සේවයේ නිරත වීමට වැඩි අවස්ථා තිබිය යුතු බව ද ප්‍රකාශ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »