Search

වසර 4කට පසු නිවාස මිල ගණන්වල වෙනසක්

වසර හතරකට පසු ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් ඉහලයෑමේ වේගය මන්දගාමී ස්වරූපයක් ගෙන ඇතැයි වාර්තා වනවා.

කෝලොජික් (CoreLogic) වාර්තා අනුව ප්‍රධාන අගනගර ආශ්‍රීත කුලී නිවාස ඉල්ලුම අඩුවීමත් සමඟ ජූලි මාසයේදී කුලී නිවාස මිල ගණන් සියයට 0.1 ක සාමාන්‍ය වැඩිවීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වසර පහ තුළ කුලී නිවාස මිල අගය සියයට 39.7කින් ඉහළ ගොස් තිබූ අතර මෙම පුවත ඔස්ට්‍රේලියානු කුලී නිවැසියන් සඳහා වඩාත් සුබ පණිවුඩයක් ලෙසයි සැළකෙන්නේ.

කෝලොජික් (CoreLogic) ආර්ථික විද්‍යාඥ කයිට්ලින් එසී (Kaitlyn Ezzy) පැවසුවේ මේ පිළිබඳ අධ්‍යනය සිදුකළ අගනගර ආශ්‍රිත වෙලඳපොලෙහි ප්‍රාග්ධන වෙනස්කම් ඉස්මතු වන බවයි.

ජූලි මාසයේ ඇඩිලේඩ් කුලී නිවාස මිල සියයට 0.6 කින් ද මෙල්බන් සහ පර්ත්හිහි කුලී නිවාස මිල සියයට 0.3 කින් ඉහළ ගිය අතර ඩාර්වින් සහ කැන්බරා හි මිල ඒකාකාරි අගයක් ගෙන තිබුණා.

තවද සිඩ්නි සහ බ්‍රිස්බන්හි කුලී නිවාස අගය සියයට 0.1 කින් පහත වැටුණු අතර හෝබාර්ට් හි සියයට 0.3 කින් පහත වැටී ඇති බව සඳහන්

කුලී නිවැසියන්ට කුලී පියවා ගැනීම සඳහා මුදල් ණයට ගැනීමට නොහැකි වීමත් සමඟ බොහෝ දෙනා හවුල් නිවාස සහ වඩාත් දැරිය හැකි මිල ගණන් යටතේ වූ නිවාස ප්‍රදේශවලට නැවත පදිංචියට යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

ආර්ථික විද්‍යාඥ කයිට්ලින් එසී පවසන්නේ කුලී නිවැසියන් තමන්ගේම නිවාස මිලදී ගැනීම වැනි විකල්ප වෙත යොමු වන බවට හඳුනාගෙන ඇති බවයි.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »