Search

රැකියා කරන්න කැමති ඕස්ට්‍රේලියානුවන් මිලියනයකට අවස්ථා අහිමිවෙයි

ශ්‍රම බලකායට බැඳීමට කැමති ඕස්ට්‍රේලියානුවන් මිලියනයකට වඩා වැඩි පිරිසකට එම අවස්ථා අහිමි වී ඇති බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නව වාර්තාවට අනුව හෙළිවී තිබෙනවා.

සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්තවලට අනුව ශ්‍රම බලකායට අයත් නොවන ඔස්ට්‍රේලියානුවන් මිලියන 1.1ක් සති හතරක් වැනි කාලයක් ඇතුළත වැඩ කිරීමට සූදානම් බවයි ප්‍රකාශ කර ඇත්තේ.

වැටුප් සහිත රැකියාවක් නොමැති ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව දෙසැම්බර් කාර්තුවේ පැවති මිලියන 3.3ක සංඛ්‍යාවේ සිට මිලියන 3.4 දක්වා වැඩි වී තිබෙනවා.

රැකියාවක නිරත වීමට කැමැත්තෙන් පසුවන ඔස්ට්‍රේලියානුවන්ට ඒ සඳහා අවස්ථාවක් නොමැති වීමට ප්‍රධානතම හේතු අතර දරුවන් රැකබලා ගැනීම සහ දිගු කාලීන ආබාධිත තත්ත්වයන් පවතින බව සඳහන්.

මෙම වසරේ මාර්තු මාසය වන විට වැටුප් සහිත රැකියාවක් නොමැති වයස අවුරුදු 18ත් 75 අතර වයසේ පසු වූ මිලියන 3.4ක පමණ පිරිසකින් මිලියන 1.3 කට රැකියාවක් අවශ්‍ය බව ප්‍රකාශ කළ අතර මිලියන 1.1ක පමණ පිරිසක් සති හතරක් ඇතුළත රැකියාවට පැමිණීමට සූදානම් බව හෙළිවී තිබෙනවා.

වයස අවුරුදු 25ත් 39ත් අතර කාන්තාවන්ට රැකියාවක නිරත වීමට පැවති ප්‍රධාන බාධකය දරුවන් රැකබලා ගැනීම වන අතර එය පසුගිය දෙසැම්බර් මාසයේ පැවති සියයට 54ක අගය මාර්තු මාසය වන විට සියයට 64ක් දක්වා වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව භාෂා ගැටලු, අධ්‍යාපන මට්ටම් සහ වයස් වෙනස්කම් ද රැකියා සම්බන්ධ අනෙක් ප්‍රධාන බාධක ලෙස දක්වා තිබෙනවා.

සමීක්‍ෂණයට ලක් වූවන්ගෙන් 12,000ක පමණ පිරිසක් සඳහන් කළේ තම ආබාධිතභාවය සේවා යෝජකයන් අධෛර්යමත් කරනු ඇතැයි විශ්වාස කරන අතර එය රැකියාවක් සොයා ගැනීමට ඇති විශාල දුෂ්කරතාවයක් බවයි.

බොහෝ දුරට පූර්ණ කාලීන රැකියා 50,000ක් නිර්මාණය වී තිබියදීත් ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය ජුනි මාසයේදී සියයට 4.1 දක්වා ඉහළ ගොස් ඇති බවයි සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »