මෙල්බන් සහ අවට ප්‍රදේශවල පැතිර යන ලීජනෙයාර්ස් (Legionnaires) රෝගය පැතිරීම වළක්වා ඇතැයි විශ්වාස කරන බව වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් පවසනවා.
මෙල්බන් හි දැනට පැතිර යන රෝගයේ සියලුම ආසාදිතයන් එක් ජල පිරිපහදු කුලුණකට සම්බන්ධ වී ඇති බවටයි වික්ටෝරියා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා ක්ලෙයාර් ලුකර් සඳහන් කළේ.
මේ වන විට ආසාදන 107ක් තහවුරු වී ඇති අතරසෞඛ්‍ය බලධාරීන් පවසන්නේ රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාවය අඩුවෙමින් පවතින බවයි.
රෝගය ආරම්භය හඳුනාගෙන දැනටමත් ඊට අවශ්‍ය පියවර ගෙන ඇති බැවින් රෝගීන් වාර්තා වීම අඩුවන බවට විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කළ හැකි බව වෛද්‍යවරිය අවධාරණය කළා.
පසුගිය ජූලි මස 26 වනදා පළමුවෙන් වාර්තා වූ රෝගයේ ආරම්භය පිළිබඳව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විමර්ශනය කරමින් සිටින අතර තවත් සැක සහිත රෝගීන් 10ක් ද නිරීක්ෂණය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
මේ වන විට රෝගය ආසාදනය වූ දෙදෙනෙකු මරණයට පත්වී ඇති අතර වයස අවුරු 90ක කාන්තාවක් සහ 60 හැවිරිදි පුද්ගලයෙක් ඊට අයත්.
හඳුනාගෙන ඇති බොහෝ රෝගීන් වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයන් වන අතර ඉන් බොහෝ දෙනෙකු රෝහල් ගත කිරීම මෙන්ම දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර අවශ්‍ය වන බව සඳහන්.