Search

ඇඩිලේඩ්හි නිවාස රැසක ඉදි කිරීම් අතරමග නවතී

දකුණු ඔස්ට්‍රේලියාවේ නිවාස ඉදි කිරීම් සමාගමක් වූ ඇඩිලේඩ් ඩිසයිනර් හෝම්ස් සමාගමේ සේවා කටයුතු අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම සමාගම විසින් ඉදි කිරීම් සිදු කළ මෙතෙක් වැඩ අවසන් නොකළ නිවාස 20ක් ද පවතින බවයි වාර්තා වන්නේ.

සමාගමේ බිඳවැටීම හේතුවෙන් ණය හිමියන් 80කට වැඩි පිරිසකට ඔවුන්ගේ පාඩුව ආපසු ගෙවීමේ ගැටළුවක් ද මතුවී තිබෙනවා.

සමාගමට ඉදිරියට යා නොහැකි බව නිවාස හිමියන්ට ලිඛිතව දැනුම් දෙමින් ඉදි කෙරෙමින් තිබූ නිවාස හිමිකරුවන්ට භාර දීමටයි පියවර ගෙන ඇත්තේ.

ඇඩිලේඩ් ඩිසයිනර් හෝම්ස් හි සේවකයෙක් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ සමාගම කාලයක සිට මූල්‍යමය පීඩනයකට ලක්ව සිටි බවයි.

මෙම සමාගම, මෑත වසරවල ඉහළ යමින් ඇති ඉදි කිරීම් ද්‍රව්‍ය පිරිවැය හේතුවෙන් පිඩනයට ලක්වූ සමාගම් කිහිපයකින් එකක් වන අතර COVID වලට පෙර අත්සන් කරන ලද ගිවිසුම් හේතුවෙන් ඔවුන්ට ලාභ ලැබීමට හැකියාවක් ලැබී නැහැ.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »