Search

වික්ටෝරියා ප්‍රාන්ත නගරයක තඹ කම්බි සොරකම් නිසා අන්තර්ජාලය බිඳ වැටෙයි

කිසියම් කණ්ඩායමක් තඹ කම්බි සොරකම් කිරීම හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත නගරයක් වන වුඩන්ඩ් හි (Woodend) නිවාස 2300කට පමණ අන්තර්ජාල සේවා බිඳවැටී තිබෙනවා.

තඹ කම්බි ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් කණ්ඩායමක් සිදු කළ මෙම විනාශකාරීන් ක්‍රියාව හේතුවෙන් සමස්ත නගරයකම අන්තර්ජාල සේවා බිඳ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මැසිඩෝන් කඳුවැටියේ කුඩා නගරයක් වන වුඩන්ඩ් හි නිවාස 2,800කට ආසන්න ප්‍රමාණයක් ඇති අතර ඉන් බොහොමයක් NBN ජාලයේ ෆයිබර් ටු ද නෝඩ් (FTTN) සමග සම්බන්ධ වනවා.

එම ප්‍රදේශයේ ජනතාව ඊයේ උදෑසන සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාල ඇනහිටීම පිළිබඳ සටහන් තබා තිබූ බව සඳහන්.

NBN සමාගමේ ප්‍රකාශකයෙකු පැවසුවේ තම ගනුදෙනුකරුවන් 2,300ක් පීඩාවට පත්ව ඇති අතර කාර්ය මණ්ඩලය අන්තර්ජාල සහ දුරකථන සේවා යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

මෙම තඹ කම්බි සොරකම අන්තර්ජාල සේවා සමාගම විසින් වික්ටෝරියා පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ විදුලි සංදේශ සේවාවලට අයත් කම්බි තඹ සොරුන්ගේ බලපෑමට ලක් වූ පළමු අවස්ථාව මෙය නොවන අතර 2023 වසරේදී ද සන්බරි ප්‍රදේශයෙන් ඩොලර් දහස් ගණනක් වටිනා තඹ සොරකමක් සිදුවී තිබූ බවයි.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »