බ්‍රසීලයේ සාඕ පවුලෝ නගර ආසන්න ප්‍රදේශයකදී මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 61 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
එන්ජින් දෙකක් සහිත යානය දකුණු ප්‍රාන්තයේ Paraná හි Cascavel සිට Sao Paulo නගරයේ Guarulhos ගුවන් තොටුපළ දක්වා පියාසර කරමින් සිටියදී Vinhedo නගරයට කඩා වැටුණු බවයි Voepass ගුවන් සේවය පවසන්නේ.
යානයේ මගීන් 57 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය හතර දෙනෙකු සිට ඇති අතර ප්‍රාදේශීය බලධාරීන්ට අනුව අන්තුරින් දිවි ගලවා ගත් අය කිසිවෙකු නොමැති බව වාර්තා වනවා.
Voepass Linhas Aéreas යානය විනාඩියක කාලයක් තුලදී අඩි 17,000ක් පහළට පැමිණ ඇති බවට ගුවන් පියාසැරි නිරීක්ෂණ දත්ත පෙන්නුම් කර ඇති බව සඳහන්.
එහෙත් අනතුරට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.
බ්‍රසීලයේ ජනාධිපති Luiz Inácio Lula da Silva විපතට පත් වූවන්ගේ පවුල් සහ මිතුරන් ට ශෝකය පළ කර ඇති අතර, සාඕ පවුලෝ ප්‍රාන්ත ආණ්ඩුකාර Tarcísio Gomes de Freitas දින තුනක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම යානය ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටී තිබුණ ද හානි වී ඇත්තේ එක් නිවසකට පමණක් බවයි සඳහන් වන්නේ.
මේ වන විට ගුවන් යානයේ දත්ත පටිගත කිරීමේ යන්ත්‍ර සොයා ගෙන ඇති අතර එහි සටහන් වී ඇති තොරතුරු අනුව ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව බ්‍රසීල බලධාරීන් ප්‍රකාශ කළා.
අනතුරට ලක්වූ ATR 72 වර්ගයේ ගුවන් යානා සාමාන්‍යයෙන් කෙටි ගුවන් ගමන් වල භාවිතා කරන අතර ප්‍රංශයේ එයාර්බස් සහ ඉතාලියේ සමාගමක ඒකාබද්ධ ව්‍යාපාරයක් මගින් මෙම ගුවන් යානා නිපදවා තිබෙනවා.
ඒටීආර් 72 වර්ගයේ විවිධ ගුවන් යාන මාදිලි සම්බන්ධ අනතුරු හේතුවෙන් 1990 වසරේ පමණ සිට මරණ 470 ක් සිදුවී ඇති බව ගුවන් සේවා ආරක්ෂණ ජාලයේ දත්ත පෙන්වා දෙනවා.