TikTok සමාජ මාධ්‍ය ජාලයේ ඇති වීඩියෝ විනාඩි කිහිපයක් නැරඹීම මගින් කාන්තාවන්ගේ ශරීර ප්‍රතිරූපයට (Body Image) අහිතකර ලෙස බලපාන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.
නිව් සවුත් වේල්ස් හි Charles Sturt විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායම් දෙකක් විසිනුයි මේ පිළිබඳ අධ්‍යනය සිදුකර ඇත්තේ.
වයස අවුරුදු 18 සිට 28 දක්වා කාන්තාවන් 273 දෙනෙකු යොදාගනිමින් මෙම අධ්‍යයනය සිදු කළ අතර එමගින් කාන්තාවන්ගේ රූපය සහ රූපලාවන්‍ය ප්‍රමිතීන් පිළිබඳව අවධානය යොමු කළ බව සඳහන්.
කාණ්ඩ දෙකක් යටතේ මෙම අධ්‍යනය සිදුකර ඇති අතර එක් කොටසක් බර අඩුකර ගැනීමේ ව්‍යායාම්, ආහාර රටා මෙන්ම ශරීර සෞඛ්‍ය සඳහා වැදගත් වන විවිධ විඩියෝ නරඹන බවයි හඳුනාගෙන ඇත්තේ.
විශේෂයෙන් ඔවුන් එම වීඩියෝ අනුකරනය කරන බවට වාර්තා වන අතර තවත් පිරිසක් Tiktok හි ස්වභාවධර්මය, ඉවුම් පිහුම් සහ සතුන් සම්බන්ධ විඩියෝ නැරඹීමට ප්‍රියතාවක් දක්වන බව හෙළිවී තිබෙනවා.
මෙමගින් තරුණ කාන්තාවන්ගේ ශරීරය සෞඛ්‍යට සෘණාත්මක බලපෑම් එල්ල කරන බව වාර්තා වී ඇති අතර TikTok භාවිතා කරන්නන්ට මානසික හානියක් ද සිදුවිය හැකි බවයි පර්යේෂකයින් පෙන්වා දී ඇත්තේ.