ලංකාව තුළ බුර්කා – නිකාබ තහනමක් නෑ

ශ්‍රී ලංකාව තුළ බුර්කාව සහ නිකාබය පැළඳීමේ තහනමක් පැනවීම සඳහා රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසනවා.

එය හුදෙක් යෝජනාවක් පමණක් වන අතර දැනට සාකච්ඡාවට භාජනය වෙමින් පවතින බවයි ඔහු කියාසිටියේ.

පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාර පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ විමර්ෂණයන්ට අනුව, ජාතික ආරක්ෂක හේතුන් මත අවශ්‍ය වන පූර්වාරක්ෂාව, මෙම යෝජනාව සඳහා පදනම් වී ඇතැයි විදේශ අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක සඳහන්.

ශ්‍රී ලංකාව තුළ බුර්කාව සහ නිකාබය තහනම් කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ පිළිබඳව මෑත කාලීන මාධ්‍ය වාර්තා සැළකිල්ලට ගෙන අමාත්‍යංශය මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

රජය විසින් අදාළ සියලූ පාර්ශව සමග පුළුල් සංවාදයක් ආරම්භ කරනු ඇති අතර, අවශ්‍ය උපදේශන පැවැත්වීම සහ එකගතාවකට පැමිණීම සඳහා ප්‍රමාණවත් කාලයක් වැය කිරීමට නියමිත බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »