Search

සිඩ්නි මාර්ග රැසක් හෙට (11) වැසෙයි

වාර්ෂිකව පැවැත්වෙන City25Surf මැරතන් තරගය සඳහා මෙම සති අන්තයේ සිඩ්නි නගරය සහ අවට ප්‍රධාන මාර්ග කිහිපයක් වසා තැබෙන බව නිවේදනය කර තිබෙනවා.

ඇස්තමේන්තුගත කර ඇති පරිදි මෙම තරගය සඳහා පුද්ගලයන් 90,000ක් පමණ සිඩ්නි පැමිණෙනු ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව සිඩ්නි අවට මාර්ග භාවිත කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම් දී තිබෙනවා.

Woolloomooloo සහ Edgecliff අතර මාර්ග උදෑසන 6 සිට වසා තැබෙන අතර එම මාර්ග යළි විවෘත කරනු ලබන්නේ දහවල් 12ටයි.

Double Bay සහ Bondi මාර්ග ඉරිදා උදෑසන 7 සිට වසා තැබෙන අතර දහවල් 2ට යළිත් එම මාර්ග රථ වාහන ධාවනය සඳහා විවෘත වනු ඇති.

Bondi Beach සහ Bondi Junction අතර කලාප ද උදෑසන 7ට වසා තැබෙන අතර සවස 4වන විට යළිත් සාමාන්‍ය පරිදි රථ වාහන ගමනා ගමන කටයුතු ආරම්භ වන බවයි සිඩ්නි රථවාහන අංශ දැනුම් දී ඇත්තේ.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »