Search

වසර 20 කට පසු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමක් ඔස්ට්‍රේලියා අගමැති පිලට එරෙහි තරගයකට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියා තරග සංචාරය සඳහා දින නියම වී තිබෙනවා.

ඒ අනුව ලබන නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 යන දෙදින තුළදී කැන්බරා හි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී දෙදින තරගයක් පැවැත්වෙනු ඇති.

ඔස්ට්‍රේලියා අගමැතිවරයාගේ කණ්ඩායම සහ ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර මෙම තරගය සංවිධාන කර තිබෙනවා.

මේ පිළිබඳ අදහස් දක්වන අගමැති ඇන්තනී ඇල්බනීස් පවසන්නේ දෙරට අතර ක්‍රිකට් සහයෝගීතාවය තවත් වර්ධනය වන අවස්ථාවක් ලෙස මෙය හඳුන්වාදිය හැකි බවයි.

මෙම තරගයට ක්‍රීඩා කරන සංචිතය තෝරා ගැනීම සඳහා තමන් ඉදිරියේදී ජාතික තේරීම් කමිටුව හමුවීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළා.

මෙම දෙදින දිවා – රාත්‍රී තරගය වෙනුවෙන් රෝස පැහැති පන්දුවක් යොදා ගැනීමටයි නියමිතව ඇත්තේ.

ඔස්ට්‍රේලියා අගමැතිවරයාගේ කණ්ඩායමකට එරෙහිව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම විසින් තරග වදිනු ලබන්නේ වසර 20 කට පසුව වීම ද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »