මෙල්බන් නගරාසන්නයේ නිවසින් පාසල් යන බව පවසා පිටත්ව ගොස් දින කිහිපයක් අතුරුදන්ව සිටි සිසුවා සිඩ්නි නගරයේ සිටින බවට සැකයක් මතුවී ඇතැයි පොලිසිය පවසනවා.
ක්‍රිෂාන්ක් කාර්තික් නම් මෙම සිසුවා පසුගිය සඳුදා උදෑසන 7.30 ට පමණ පාසලට යාමට ටෘගනයිනා හි (Truganina)හි පිහිටි ඔහුගේ නිවසින් පිටත්ව ගිය ද පාසලට ගොස් නොමැති බවයි හෙළිවී ඇත්තේ.
ඔහු අවසන් වරට දැක ඇත්තේ අමතර ඇඳුම්, බෑගයක් සහ ගමන් මල්ලක් රැගෙන මෙල්බන් නගරයේ දුරකථන අලෙවි සලකදීයි.
මෙම පිරිමි ළමයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඥාතීන් සමාජ මාධ්‍යවල තැබූ සටහනකින් පසු දුරකථන වෙළඳසැලක හිමිකරු ඔවුන් අමතා ප්‍රකාශ කර තිබුණේ එදිනම පස්වරුවේ ක්‍රිෂාන්ක් ඔහුගේ iPhone 14 Pro දුරකථනය තමන්ට විකුණා ඇති බවයි.
සිදු කළ විමර්ශනවලට අනුව ක්‍රිෂාන්ක් පසුගිය අඟහරුවාදා අලුයම 5ට පෙර සිඩ්නි හි කිසියම් නවාතැනට ගොස් ඇතැයි විශ්වාස කරන බව වික්ටෝරියා පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.
මෙම සිසුවා පසුගිය සති කිහිපයේ සෑම උදෑසනකම පාසලට යන බව පවසා නිවසින් පිටත්ව ගිය ද පන්තිවලට පැමිණ නොමැති බව ද හෙළි වී ඇතැයි සඳහන්.
අතුරුදන්ව සිටින මෙම සිසුවා සම්බන්ධයෙන් නිව් සවුස්ත්වේල්ස් ආරක්ෂක අංශ සම්බන්ධ කර ගනිමින් විමර්ශන සිදු කිරීමට නියමිතයි.