Search

මෙල්බන් ප්‍රධාන රෝහලකට මීයන්ගෙන් කරදරයක්

Royal Melbourne රෝහල් කාර්යමණ්ඩලය සහ රෝගීන් පාලනය කළ නොහැකි මීයන් උවදුරකින් පීඩා විදින බව හෙළිව තිබෙනවා.

රෝහල් කාර්ය මණ්ඩලය සඳහන් කළේ මෙම තත්වය පාලනය කළ නොහැකි උවදුරක් බවට පත්ව ඇති බවයි.

මීයන් රෝහලේ රෝගීන්ගේ කාමරවල ගැවසෙන ආකාරය සම්බන්ධ විඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් සමග මේ පිළිබඳ යළිත් අවධානය යොමුව තිබෙනවා.

මෙම තත්වය පාලනය සඳහා මේ වන විටත් පළිබෝධනාශක යොදමින් පවතින බවයි වාර්තා වන්නේ.

තවදුරටත් මී උවදුර රෝහල තුළ වර්ධනය වන්නේ නම් රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට ද වෙනත් රෝග වැළදීමේ ප්‍රවනතාවක් පවතින බව සඳහන්.

රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව ප්‍රමුඛතාවට ගෙන අදාළ ගැටලුව කළමනාකරණය කිරීම සඳහා නිසි පියවර ගන්නා බව රෝහල් පාලනාධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »