ජපානයේ ප්‍රදේශ කිහිපයකට ප්‍රබල භූ චලනයකින් බලපෑම් එල්ලවී තිබෙනවා.
රිච්ටර් මාපක 6.9ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් පිළිබඳ එරට භූ විද්‍යා සමීක්ෂණ අංශ තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව කියුෂු සහ ෂිකෝකු දූපත්වල කලාප කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.
මෙම අනතුරු ඇඟවීම්වලට අනුව මීටර 1ක් පමණ උසකින් යුත් මුහුදු රළ වෙරළට පැමිණෙනු ඇති බවටයි අනතුරු අඟවා ඇත්තේ.
6.9 ක් ලෙස වාර්තා වූ භූමිකම්පාවෙන් පසුව දකුණු දිග කියුෂු දූපතේ 7.1 ක කම්පනයක් ද ඇති වූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.