පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මේ වන විට ලබාගෙන ඇති පදක්කම් අනුව පදක්කම් සටහනේ තුන්වන ස්ථානයට පැමිණීමට ඔස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා.
ඔස්ට්‍රේලියා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ දක්වා පැවති තරගවලින් දිනාගෙන ඇති රන් පදක්කම් සංඛ්‍යාව 18ක්.
රිදී පදක්කම් 12ක් සහ ලෝකඩ පදක්කම් 11ක් ද ඔස්ට්‍රේලියා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතුයි.
පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවන්නේ අමෙරිකා එක්සත් ජනපදයයි. ඒ රන් පදක්කම් 27ක්, රිදී පදක්කම් 35ක් සහ ලෝකඩ පදක්කම් 32ක් ලබා ගනිමින්.
පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයට පැමිණ සිටින චීනය රන් පදක්කම් 25ක් ලබා ගෙන තිබෙනවා. රිදී පදක්කම් 23ක් සහ ලෝකඩ පදක්කම් 17ක් ද සමගින් චීනය මෙවර තරගාවලියේ ලබාගෙන ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 65ක්.
සමස්ත පදක්කම් 51ක් සමගින් සත්කාරක ප්‍රංශය 4 වන ස්ථානයේ පසුවනවා.