Search

සැමියා අතින් මරණයට පත්වූ ලාංකික මවගේ පුතා අධිකරණයට සියල්ල හෙළි කරයි

මෙල්බන් සැන්ඩ්හර්ස්ට් ප්‍රදේශයේ නිවසකදී තම සැමියා අතින් ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකික කාන්තාවගේ පුත්‍රයා අද අධිකරණය හමුවේ සාක්ෂි ලබාදී තිබෙනවා.

තම පියා කෝපයෙන් මවට පහරදීමත් සමග උදව් ඉල්ලා කෑ ගසමින් දිව ගිය තමන් පසුපස ද පියා පොරොවක් රැගෙන හඹා ආ බවයි ඔහු හෙළි කර ඇත්තේ.

2022 වසරේ දෙසැම්බර් 3 වනදා මාසයේදී තම නිවසේදී සිදු වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් දිනුෂ් කුරේරා නම් සැකකරුගේ 19 හැවිරිදි පුත්‍රයා අද ශ්‍රේෂ්ඨාධිකරණයේ ජූරි සභාවකට සාක්ෂි ලබාදී තිබෙනවා.

මව මිය යන අවස්ථාව වන විට 17 හැවිරිදි වියේ පසුවූ එම තරුණයා අද ජූරි සභිකයන් 14 දෙනෙකුට වීඩියෝ මාර්ගයෙන් සාක්ෂි ලබා දුන් බව සඳහන්.

සැකකරු විසින් මෙම කාන්තාවට පොරොවකින් පහරදුන් ආකාරය සහ ගිලන් රථයක් ගෙන්වා ගැනීමට තමන් කළ උත්සාහය අවහිර කළ ආකාරය ද මෙම පුත්‍රයා අධිකරණයට හෙළිකර තිබෙනවා.

පැන යාමට තැත් කළහොත් නිවසටපෙට්‍රල් දමා ගිනි තබා සියලු දෙනා මරා දමන බවට ද පියා තර්ජනය කළ බවයි මෙම තරුණයා කියාසිටියේ.

මේ අතර 47 හැවිරිදි සැකකරු තම බිරිඳ වූ නෙලෝමි පෙරේරා ඝාතනය කළ බව පිළිගෙන ඇති අතර තම ජීවිතය බේරා ගැනීම සඳහා ආත්මාරක්ෂාවට එම පියවර ගත් බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා කිහිපයක් ඔහු ප්‍රතික්ෂේප කරන අතර පුත්‍රයාට පහර නොදුන් බවයි සඳහන් කර ඇත්තේ.

දිනුෂ් කුරේරාගේ පුත්‍රයා මෙම ඝාතනය පිළිබඳ වීඩියෝ මාර්ගයෙන් විස්තර කළ ආකාරය ඔහු හැඟීම් විරහිතව බලා සිටි බව අධිකරණ වාර්තාවල දැක්වෙනවා.

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »

Today’s Top Stories.2024.09.16

ජීවත් වීමට හොඳම රටවල් අතරින් ඔස්ට්‍රේලියාවට ලැබුණු තැන මෙල්බන්වල Casey කවුන්සිල මැතිවරණයට එන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර තවත් ඝාතන සැලැස්මක් නිවාස ගැටලුව

Read More »