Search

සිඩ්නි නගරයේ අඩු කුලී නිවසක් සිහිනයක් වන ලකුණු

ඔස්ට්‍රේලියාවේ බොහෝ අගනගරවල නිවාස කුලී මිල ගණන්වල සුලු පහල යාමක් පෙන්නුම් කළ ද සිඩ්නි නගරයේ කුලී නිවාස වෙලඳපොල තුළ කිසිදු සහනයක් පෙන්නුම් නොකරන බව නව සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

නිවාස ඉල්ලුම ලිහිල් වුව ද සිඩ්නි කුලී නිවාස වෙලඳපොල තවමත් අර්බුදයක පවතින බවයි මෙමගින් හෙළිවී ඇත්තේ.

සිඩ්නි නගරයේ සතියකට ඩොලර් 370ක මුදලකට පුටු දෙකක් සමග මේසයක් සහ තට්ටු දෙකේ ඇඳක් සතිත කුඩා කාමරයක් කුලියට දීමට පළ කර ඇති දැන්වීමක් ද මේ වන විට කතා බහට ලක්වී තිබෙනවා.

නවතම Corelogic දත්තවලට අනුව සිඩ්නි නගර කලාපයේ කුලී දර්ශකය පසුගිය ජූලි මාසයේදී සියයට 0.1 කින් පමණ ඉහළ ගොස් ඇති අතර එය 2020 අගෝස්තු මාසයෙන් පසු අඩුම මුදලකින් ඉහළ ගිය පළමු අවස්ථාවයි.

නිවාස පුරප්පාඩු අනුපාත ජුනි කාර්තුවේදී සියයට 1.68 කින් ඉහළ ගොස් ඇති අතර එය ගතවූ මාස 18 කට වැඩි කාලයක් තුළ දක්නට ලැබුණු ඉහළම අනුපාතය බව ද සඳහන්.

CoreLogic හි පර්යේෂණ අධ්‍යක්ෂ Tim Lawless පැවසුවේ මේ වන විට පවතින කුලී මිල ගණන් වර්ධනය 2023 පළමු කාර්තුවේ පැවති විදේශ සංක්‍රමණයේ උච්චතම අවස්ථාව සමඟ සමාන වන බවයි.

ජාත්‍යන්තර සිසුන් ඇතුලු විදේශීය සංක්‍රමණිකයින්ගෙන් බහුතරයක් තාවකාලික වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණෙන අතර ඔවුන් හේතුවෙන් නිවාස ඉල්ලුම වැඩි වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

2024 වික්ටෝරියා අධ්‍යාපන සම්මාන නිර්දේශ අතරට ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකුත්

2024 වසරේ වික්ටෝරියා ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා (Victoria’s education awards) ශ්‍රී ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකු ද සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »