රජයේ මුදලින් ජින් බෝතල් 100ක් මිලදී ගත් බවට නිව් සවුත්වේල්ස් පොලිස් කොමසාරිස් කැරන් වෙබ්ට චෝදනා එල්ල වී තිබෙනවා.
නිව් සවුත්වේල්ස් ස්වාධීන මන්ත්‍රී Rod Roberts විසින් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ පොලිස් කොමසාරිස්වරියට චෝදනා කළේ ඇය ප්‍රාන්තයේ බදු ගෙවන්නන්ගේ මුදලින් ජින් බෝතල් 100කට වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණයක් පවත්වා ඇති බව පොලිස් කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය 2023 වසරේ ඔක්තෝම්බර් මාසයේදී පොලිස් කොමසාරිස්වරිය ජින් මිලදී ගැනීම සම්බන්ධයෙන් ලැබී තිබූ නිර්නාමික පැමිණිල්ලක් හේතුවෙන් එම විමර්ශන සිදු වී තිබුණා.
පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ රොඩ් රොබට්ස් කොමසාරිස්වරියට චෝදනා කළේ ඇය ජින් බෝතල් 100කට වඩා ජනතා බදු මුදලින් මිල දී ගත් අතර ඉන් සමහරක් ඇය විසින්ම භාවිතා කළ බවයි.
කෙසේවෙතත් මෙම චෝදනා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොමසාරිස්වරිය අවධාරණය කළේ තමන් මිලදී ගත්තේ බෝතල් 50ක් පමණක් බවයි.
මේ වන විට ඉන් බෝතල් 24ක් ත්‍යාග ලෙස බෙදා හැර ඇති අතර තමන් කිසිදු අවස්ථාවක ජින් රස විඳ නොමැති බව ද ඇය ප්‍රකාශ කර තිබෙනවා.