Search

වාහන නතර කරන්න ගිය රියදුරන්ට Parking එකේ වංචාවක්

වාහන නැවැත්වීමේ ස්ථාන කලින් වෙන්කරවා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාවක් ලබා දුන් ජපානයට අනුබද්ධිත සමාගමකට ෆෙඩරල් අධිකරණය විසින් ඩොලර් මිලියන 11කට ආසන්න දඩයක් නියම කර තිබෙනවා.

Secure Parking ලෙසට හඳුන්වා දුන් මෙම මාර්ගගත සේවාව සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත සිදු කළ නඩු විභාගයකින් අනතුරුවයි මෙම දඩ මුදල් නියම කර ඇත්තේ.

ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පැවසුවේ Secure Parking හි “Secure-a-Spot” ඔන්ලයින් වාහන නැවැත්වීමේ සේවාව තුළින් ජනතාව නොමග යවන අසත්‍ය ප්‍රකාශ සිදු කර ඇති බවයි.

රියදුරන්ට අවශ්‍ය වේලාවක සහ ඔවුන් තෝරා ගත් ස්ථානයක වාහන නැවැත්වීමේ ඉඩක් වෙන් කිරීමට මෙම සේවාව පොරොන්දු වී තිබුණ ද එම ඉඩ වෙන් කරදී නොමැති බව පාරිභෝගික කොමිසම චෝදනා කර තිබෙනවා.

පුර්ව ප්‍රචාරණය ඔස්සේ පොරොන්දු වූ සේවාව ලබා නොදුන් අතර පාරිභෝගිකයින් විසින් වෙන් කරවා ගත් ස්ථාන වෙත වාහන නැවැත්වීමට පැමිණි අවස්ථාවේ එම ඉඩ ඔවුන්ට ලබා ගත නොහැකි වූ බවයි විමර්ශනවලින් හෙළිවී ඇත්තේ.

2017 වසරේ ජූලි සහ 2022 වසරේ ජූනි මාසය අතර කාලය තුළ මෙම සේවාවෙන් මිලියන 10කට වඩා ස්ථාන වෙන් කිරීම් සිදු කර ඇති බව ද සඳහන්.

Secure Parking සේවාව විසින් සිඩ්නි, බ්‍රිස්බන්, පර්ත්, ඇඩිලේඩ්, මෙල්බන් සහ හෝබාර්ට් යන නගරවල රථ ගාල් 600කට වඩා ක්‍රියාත්මක කරමින් පැවතුණා.

එල්ල වූ මෙම චෝදනා සමග 2022 වසරේ ජූනි මාසයේදී, Secure Parking ඔන්ලයින් වෙන් කිරීමේ සේවාව Secure Parking – Book Online ලෙස නැවත නම් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »