Search

ඔස්ට්‍රේලියා ඔලිම්පික් ක්‍රීඩකයෙකු ප්‍රංශයේදී අත්අඩංගුවට

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට එක්ව සිටින ඔස්ට්‍රේලියානු Kookaburras hockey ක්‍රීඩකයෙකු වන තෝමස් ක්‍රේග් (Thomas Craig) එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම හොකී ක්‍රීඩකයා කොකේන් මිලදී ගැනීමට උත්සාහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියා ඔලිම්පික් කමිටුව (AOC) තහවුරු කළේ ක්‍රීඩක තෝමස් ක්‍රේග් අඟහරුවාදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති අතර දැඩි අවවාද මත ඔහු නිදහස් කර ඇති බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔලිම්පික් ක්‍රීඩකයා සමාව අයැද තිබෙනවා.

මෙම දරුණු වරද සම්බන්ධ සියලු වගකීම් තමා භාර ගන්නා අතර එවැනි වැරදි මගින් සෙසු ක්‍රීඩකයන්ගේ, නිලධාරීන්ගේ හෝ තම පවුලේ සාමාජිකයන්ගේ වටිනාකම්වලට හානියක් නොවන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ඊයේ අලුයම, කොකේන් මිලදී ගැනීමට උත්සාහ කරන බවට ආරක්ෂක අංශවලට හෙළි වීමෙන් පසු ඔස්ට්‍රේලියා ක්‍රීඩකයා අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය අලෙවිකරු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් නියමුවාගේ අවධානයෙන් බ්‍රිස්බන් වෙත ආ ජීවිත රැසක් බේරෙයි

බ්‍රිස්බන් වෙත පැමිණෙමින් තිබූ ක්වන්ටාස් ගුවන් යානයක් පීඩන පද්ධතියේ ගැටළුවක් හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රොක්හැම්ප්ටන් (Rockhampton Airport) ගුවන් තොටුපළ වෙත හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

Read More »

2024 වික්ටෝරියා අධ්‍යාපන සම්මාන නිර්දේශ අතරට ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකුත්

2024 වසරේ වික්ටෝරියා ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා (Victoria’s education awards) ශ්‍රී ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකු ද සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »