Search

ඔස්ට්‍රේලියාවේ සේවකයන් පිරිසකට වැටුප් වැඩිවීමක්

මුල් ළමාවිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරුන් ඇතුලු සේවකයන් සඳහා වැටුප් වැඩි කිරීමට ෆෙඩරල් රජය අරමුදල් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ළමා සුරැකුම් මධ්‍යස්ථාන ගාස්තු වැඩි කිරීම සීමා කර තැබෙන කාලය තෙක් වසර දෙකක් තුළ සියයට 15 කින් වැටුප් වැඩි කිරීමටයි රජය සැලසුම් කර ඇත්තේ.

කාන්තා ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමේ අරමුණින් වෙන් කෙරෙන ඩොලර් බිලියන 3.6ක අරමුදලේ කොටසක් ලෙසට මුල් ළමාවිය සංවර්ධන ආයතනවල අධ්‍යාපන සේවකයින් සඳහා සියයට 15 ක වැටුප් වැඩිවීමක් සිදු කරන බව රජය නිවේදනය කර තිබෙනවා.

මෙම වැටුප් වැඩිවීම මෙම වසරේ දෙසැම්බර් මාසයේ සියයට 10ක වැඩිවීමකින් ආරම්භ වන අතර 2025 දෙසැම්බර් මාසයේ සිට තවත් සියයට 5ක වැටුප් වැඩි වීමක් සිදු වනු ඇති.

මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල සාමාන්‍ය ගුරුවරයෙකුට මෙම වැටුප් ඉහළ නැංවීම හමුවේ සතියකට අවම වශයෙන් ඩොලර් 103 ක වැටුප් වැඩිවීමක් ලැබෙනු ඇති අතර ඒ අනුව ඔවුන්ගේ සතියක සාමාන්‍ය වැටුප ඩොලර් 1,135ක් පමණ වනවා.

ලබන වසරේ හිමි වන සියයට 5 වැටුප් වැඩි වීම සමග එය ඩොලර් 1,187ක් දක්වා ඉහල යනු ඇති බව සඳහන්.

පාසල් දරුවන් රැකබලා ගන්නා සේවකයන්ට ද මෙම වැටුප් වැඩිවීම අදාළ වන අතර රජය ප්‍රකාශ කළේ එම වියදම් දරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට බලපෑමක් නොවන පරිදි සේවකයන්ට ද සාධාරණ වැටුපක් ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »