Search

2023 ඔස්ට්‍රේලියාවේ වැඩිම වටිනා නිවාස ලැයිස්තුව මෙන්න

පසුගිය 2023 වසරේ ඔස්ට්‍රේලියාවේ අලෙවි වූ මිල අධිකම නිවාස 10 පිළිබද තොරතුරු ඇතුලත් නව වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ මෙලෙස වැඩිම මිලට අළෙවි වූ නිවාස 10ම පිහිටා ඇත්තේ සිඩ්නි නගරයේ වීමයි.

ඒ අනුව සිඩ්නි නගරයේ අලෙවි වී ඇති මිල අධිකතම නිවස Point Piper, Wolseley Roadහි පිහිටි “Notrella” ලෙස නම් කරන ලද නිවස වන අතර එහි වටිනාකම ඩොලර් මිලියන 51.5ක්.

දෙවෙනියට අළෙවි වූ මිල අධිකතම නිවස Kambala Road හි පිහිටි Bellevue Hill වන අතර එම නිවස විකුණා ඇත්තේ ඩොලර් මිලියන 39.35 කට බව සඳහන්.

එම නිවස නිදන කාමර හතරක් සහ නාන කාමර පහකින් සමන්විත සුවිසල් නිවසක්.

සිඩ්නි නිවාස අලෙවියෙන් තුන්වන වැඩිම විකුණුම් මුදල Queens Avenue හි Vaucluse යන නිවසින් ලැබී ඇති අතර එහි විකුණුම් මිල සටහන්ව ඇත්තේ ඩොලර් මිලියන 39ක් ලෙසටයි.

මීට අමතරව Vaucluse Road හි Vaucluse නිවස ඩොලර් මිලියන 36.2කටත් Ginahgulla Road, හි පිහිටි Bellevue Hill නිවස ඩොලර් මිලියන 34.75ක මිලකට ද පසුගිය වසරේ අලෙවි කර තිබුණා.

2024 වික්ටෝරියා අධ්‍යාපන සම්මාන නිර්දේශ අතරට ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකුත්

2024 වසරේ වික්ටෝරියා ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා (Victoria’s education awards) ශ්‍රී ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකු ද සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »