Search

මෙල්බන්වලින් අතුරුදන් වූ සිසුවෙක් සොයන්න පොලිසිය සහාය ඉල්ලයි

මෙල්බන් Werribee ප්‍රදේශයේ අතුරුදහන් වූ සිසුවෙකු සොයා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

16 හැවිරිදි මෙම සිසුවා අවසන් වරට දැක ඇත්තේ මෙල්බර්න් සාප්පු මධ්‍යස්ථානයකදී බවයි වාර්තා වන්නේ.

පසුගිය සඳුදා උදෑසන පාසලට පිටත්ව ගිය ක්‍රිෂ් නොහොත් ක්‍රිෂාන්ක් කාර්තික් යන මෙම සිසුවා නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් ඥාතීන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ක්‍රිෂාන්ක් කාර්තික් සඳුදා පෙරවරු 7.45 ට පමණ ටෘගානිනා (Truganina) ප්‍රදේශයේ පිහිටි නිවසින් සුසෑන් කෝරි පාසලට (Suzanne Cory High School ) පිටත්ව ගිය ද පාලට පැමිණ නොමැති බවයි සඳහන් වන්නේ.

පාසලට නොගිය ඔහු එදින දහවල් 1.20ට පමණ මෙල්බන් නගරයේ වෙළඳසැලකට තම දුරකථනය ද විකුණා ඇති බවට හෙළිවී තිබෙනවා.

මෙම සිසුව තම අධ්‍යයන කටයුතුවල දක්‍ෂතා දක්වන අයෙක් වන බවත් ඔහුගේ ඔහුගේ මෑත කාලීන හැසිරීම් කිසිවක් සැක සහිත නොවූ බවයි වාර්තා වන්නේ.

මෙම සිසුවා සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් 03 9742 9444 අංකයෙන් පොලිසියට දැනුම් දෙන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »