Search

මෙරට ළදරු නිෂ්පාදන 02ක් ගැන අනතුරු ඇඟවීමක්

දරුණු තුවාල හෝ මරණය පවා ඇති කළ හැකි මෙරට භාවිතා කෙරෙන ළදරු නිෂ්පාදන දෙකක් සම්බන්ධයෙන් ආරක්ෂිත අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ආරක්‍ෂාව සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගෙන් ලැබුණු පැමිණිලි හේතුවෙන් ඔස්ට්‍රේලියා පරිභෝගික කොමිසම සිදු කළ විමර්ශනයකට අනුවයි මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ.

මෝටර් රථවල රැගෙන යන ළමයින්ගේ හිසෙහි ආරක්ෂාවට ඇති පටියක් මෙන්ම ළදරුවන්ගේ කිරි බෝතල් රැඳවීමට යොදා ගන්නා උපකරණයක් මෙලෙස අනාරක්ෂිත බවට හෙළිවී තිබෙනවා.

බලපෑමට ලක්වී ඇති මෝටර් රථ ආසන පටි සැලසුම් කර ඇත්තේ මෝටර් රථ ආසනයක් තුළ ළදරුවන්ගේ හිස රැඳවීම සඳහා දරුවාගේ නළල හරහා ගමන් කරන ආකාරයෙන්.

එහෙත් එම නිෂ්පාදිතය මගින් මෝටර් රථ අනතුරකදී දරුවන්ගේ කොඳු ඇට පෙළට තුවාල වීමේ සහ මරණයට පත්වීමේ අවදානම වැඩි කළ හැකි බව සඳහන්.

මෙම පටිය ලිස්සා ගොස් දරුවාගේ මුඛය හෝ ගෙල වටා වැටුණහොත් හුස්ම හිරවීම හෝ ගෙල සිරකිරීමේ අවදානම ද මතු වන බව පෙන්වා දී තිබෙනවා.

ළදරුවන්ට දියර ලබාදෙන බෝතල් රැඳවීමේ උපාංග ද පාරිභෝගික කොමිසම පරීක්‍ෂා කරමින් සිටින අතර ඒවා කාණ්ඩ දෙකක් ළදරුවන්ට හුස්ම හිරවීමට හේතු විය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ.

ඕස්ට්‍රේලියාවේ මෙම නිෂ්පාදනවලට අදාළ තුවාල හෝ මරණ කිසිවක් වාර්තා වී නොමැති අතර එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ මරණ සිදුවී ඇති බව සඳහන්.

නිෂ්පාදන පිළිබඳ විමර්ශන අවසන් වූ පසු, පාරිභෝගික කොමිසම විසින් ගත යුතු තීරණ පිළිබඳ සහකාර භාණ්ඩාගාරික වෙත නිර්දේශ ලබා දෙන ඇති.

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »