Search

ඉදිරි ඡන්දෙට වික්ටෝරියාවේ රැකියා 33,000ක්

ෆෙඩරල් රජයේ මැතිවරණය සඳහා බඳවා ගැනීමට නියමිත අතිරේක සේවකයින් සදහා පැයකට ඩොලර් 35ක ගෙවීමක් සිදුකරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම (AEC) ෆෙඩරල් මැතිවරණයට පෙර සේවකයන් 100,000 කට වැඩි පිරිසක් බඳවා ගැනීමට අදාළ අයදුම්පත් මේ වන විට කැදවා ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරිපෙළ ඡන්ද පොළ කාර්ය මණ්ඩලය, අධීක්ෂකවරුන්, ජංගම නිරීක්ෂක කණ්ඩායම්, දුරස්ථ ප්‍රදේශ සේවා කණ්ඩායම් සහ ගණන් කිරීමේ කාර්ය මණ්ඩලය යන තනතුරු සඳහා අයදුම් කිරීමට ඔස්ට්‍රේලියාව පුරා සිටින පුද්ගලයින්ට අවස්ථාව හිමිවනවා.

මෙහිදි බොහෝ රැකියා සඳහා බඳවා ගැනීම් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය කේන්ද්‍ර ගත කර ගනිමින් සිදුවන අතර ඡන්දදායකයින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් හි සිටීම ඊට හේතුවයි.

දෙවනුව වික්ටෝරියා ප්‍රාන්තයේ ද තුන්වනුව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ද වැඩි රැකියා අවස්ථා පවතින බවයි වාර්තා වන්නේ.

මැතිවරණ කොමසාරිස් ටොම් රොජර්ස් ප්‍රකාශ කළේ මැතිවරණ රාජකාරි සඳහා උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මේ වෙනුවෙන් අයදුම් කිරීමට අවස්ථාව පවතින බවයි.

ඒ අනුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පුරප්පාඩු 42,600ක්, වික්ටෝරියා ප්‍රාන්තයේ පුරප්පාඩු 33,000ක්, ක්වීන්ස්ලන්ඩ් හි පුරප්පාඩු 25,000ක්, දකුණු ඔස්ට්‍රේලියාවේ 10,500ක්, බටහිර ඔස්ට්‍රේලියාවේ 15,000ක් සහ උතුරු කලාපයේ 2000ක් ලෙස පුරප්පාඩු දක්වා නිවේදනය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »