Search

මෙල්බන්වල රියදුරෙකුට පොලිසියෙන් අමතක නොවන දඬුවමක්

නීත්‍යානුකූල සීමාව මෙන් 6 ගුණයක ප්‍රමාණයක් රුධිරයේ මධ්‍යසාර සාන්ද්‍රණයක් තිබූ මෙල්බන් රියදුරෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ මත්පැන් භාවිතා කර රිය පැදවීමේ චෝදනා මත පොලිස් භාරයට ගත් ඔහුගේ රුධිර සාම්පල පරික්ෂාවේදී යි මෙම තොරතුරු හෙළිවී ඇත්තේ.

55 හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ සවස 2.30ට පමණ O’Shea Road ප්‍රදේශයේදී වික්ටෝරියා පොලිසිය විසින් නතර කර පරික්ෂා කර තිබුණා.

පැකන්හැම්හි (Pakenham) පදිංචිකරුවෙක් වන මෙම රියදුරුට මූලික ශ්වසන පරීක්ෂණයක් සිදු කරන ලද අතර එහි .294 ක ප්‍රතිඵලයක් පෙන්නුම් කර තිබෙනවා.

පොලිසිය විසින් එම පුද්ගලයාගේ රියදුරු බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලද අතර ඩොලර් 895ක දඩයක් නියම කරමින් වාහනය පොලිස් භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරන බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

සංක්‍රමණිකයන් නිසා වෙනස් වූ ඔස්ට්‍රේලියාවේ ජනගහණය ගැන අලුත් වාර්තාවක්

ඔස්ට්‍රේලියාවේ ඉහළම ජනගහන වර්ධනය වාර්තා වන ප්‍රාන්තය බටහිර ඔස්ට්‍රේලියාව බවට නව සංඛ්‍යාලේඛන මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »