මෙරටට පැමිණෙන ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව තවදුරටත් පහත වැටීම හමුවේ රැකියා 14,000ක් පමණ අහිමි වනු ඇති බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල රැසක ප්‍රධානීන් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව පහත වැටීම තුළින් විශ්වවිද්‍යාල අංශයේ රැකියා 14,000ක් දක්වා අහිමි වීමට හේතු විය හැකි බවයි.
ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය සඳහා බඳවා ගන්නා ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව පිළිබඳ සීමාව රජය තවමත් ප්‍රකාශයට පත් කර නොමැති අතර එය ලබන වසරේ ජනවාරි පළමු වනදා හඳුන්වා දීමටයි සැලසුම් කර ඇත්තේ.
ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාවට රජය විසින් සීමාවන් පැනවීමට තීරණය කිරීම ද විශ්ව විද්‍යාල ප්‍රධානීන්ගේ විවේචනයට ලක්වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සංගමයේ ප්‍රධාන විධායක Luke Sheehy පැවසුවේ පසුගිය වසර පුරා ලබා දී ඇති ශිෂ්‍ය වීසා සංඛ්‍යාව තුළින් දැනටමත් සිසුන් 60,000 කින් පමණ අඩු වී ඇති බවයි.
ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ගේ එම අඩුවීම මෙරට ආර්ථිකයට ඩොලර් බිලියන 4.3ක පමණ පාඩුවක් බව සඳහන්.
ශිෂ්‍ය වීසා බලපත්‍ර පහත වැටීමට බොහෝ දුරට හේතු වී ඇත්තේ ශිෂ්‍ය වීසා ඉල්ලුම්පත් ක්‍රමවත් කිරීමේ පියවරක් ලෙසට වුව ද
මෙම ක්‍රමවේදය මගින් බොහෝ විශ්ව විද්‍යාල සඳහා වීසා අවලංගු කිරීම් ඉහළ ගොස් ඇති බව පැවසෙනවා.