Search

ඔස්ට්‍රේලියාවේ පෙරපාසැල් රැසක ගුරු පුරප්පාඩු

වැටුප් විෂමතා හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මුල් ළමාවිය අධ්‍යාපනය හා සම්බන්ධ අධ්‍යාපන සේවකයන් සියයට 60ක් ඉවත් වීමට සැලසුම් කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

මුල් ළමාවිය අධ්‍යාපනවේදීන්ගෙන් බහුතරයක් ඉදිරි වසර තුන තුළ ඉවත් වීමට සැලසුම් කරමින් සිටින අතර ඒ හේතුවෙන් එම ක්ෂේත්‍රය අර්බුධ රැසකට මුහුණපාන බවයි වාර්තා වන්නේ.

එක්සත් කම්කරු සංගමය විසින් පවත්වන ලද මත විමසුමකට අනුව මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවලින් සියයට 97ක්ම දැනටමත් ගුරු හිඟයකට මුහුණ දී ඇති බව සඳහන්.

2023 වසරේ එම මධ්‍යස්ථානවලින් සියයට 87ක් හා සසඳන විට සියයට 98ක් කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් පීඩනයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබද අදහස් දක්වමින් දෙමාපියන් සඳහන් කර ඇත්තේ ගුරු හිඟය හේතුවෙන් තම දරුවාගේ අධ්‍යාපනය බලපෑමට ලක්ව ඇති බවයි.

වැටුප් විශමතා හේතුවෙන් ගුරුවරුන් එම වෘත්තීන්ගෙන් ඉවත්ව ඇති බව අදාළ ගුරුවරුන් යොදා ගනිමින් සිදුකළ අධ්‍යනයකදී හෙළිව තිබෙනවා.

එම ගුරුවරුන්ගෙන් සියයට 90ක් තම වැටුප සියයට 25 කින් වැඩිවන්නේ නම් තවදුරටත් සේවයේ රැඳී සිටීමට සුදානම් බව ද ප්‍රකාශ කර ඇතැයි සඳහන්.

කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් තම දරුවාට ලැබෙන අධ්‍යාපනයේ සහ රැකවරණයේ ගුණාත්මක භාවයට හානි සිදු වන බව සමීක්ෂණයට සහභාගි වූ දෙමාපියන්ගෙන් සියයට 76ක් ප්‍රකාශ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »