නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ යෝජිත නව නීති යටතේ කුලී නිවැසියන්ගේ පසුබිම් පරීක්‍ෂාවන් සඳහා වන පිරිවැය ඔවුන්ගෙන් අය කිරීම නීති විරෝධී බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කුලී දේපලක් සඳහා අයදුම් කිරීමේදී එම අයදුම්කරුවන්ගේ පසුබිම සොයා බැලීමට මුදල් ඉල්ලා සිටින බවට කුලී නිවැසියන්ගෙන් ලැබෙන පැමිණිලිවලට ප්‍රතිචාර වශයෙන් නව නීති සම්පාදනය කිරීමට සැලසුම් කර ඇති බවයි ප්‍රාන්ත රජය නිවේදනය කළේ.
නිව් සවුත් වේල්ස් අගමැති ක්‍රිස් මින්ස් පෙන්වා දෙන්නේ කුලී නිවාස වෙළඳපොල ඉතා තරඟකාරී මට්ටමකට පැමිණීමත් සමග බොහෝ කුලී නිවැසියන්ට මෙම අමතර ගෙවීම් දැඩි පීඩනයක් වී ඇති බවයි.
ඇතැම් කුලී දේපල හිමියන් කුලී නිවැසියන්ගේ පසුබිම් වාර්තාවල පිරිවැය ආවරණය කිරීම සඳහා ඩොලර් 25ත් 30ත් අතර මුදලක් ගෙවන ලෙස ඉල්ලා සිටින බව සඳහන්.
වසර 03 කට වඩා වාසය කිරීමට කුළී ගිවිසුමකට ඇතුළත්වන කුලී නිවැසියන්ගෙන් යෝජිත නව නීති යටතේ අය කළ හැක්කේ තැන්පතුවක්, කුලී බැඳුම්කරයක් හෝ ලියාපදිංචි ගාස්තු පමණක් වනු ඇති.
මීට පෙර කුලී නිවාසවල සිටීමේදී එම අයදුම්කරුවන්ගේ පසුබිම සම්බන්ධ දත්ත පරීක්ෂා කිරීමට හෝ වාර්තා කිරීමට ඉඩම් හිමියන්ට අයිතිය තවදුරටත් පැවතුණ ද ඒ සඳහා කුලී නිවැසියන්ගෙන් මුදල් ලබා ගැනීම සිදු නොකළ යුතු බවයි දැනුම් දී ඇත්තේ.
ඔස්ට්‍රේලියාවේ නිවාස කුළී වැඩිම ප්‍රාන්තය වන නිවු සවුත් වේල්ස් හි මේ වනවිට කුළී නිවැසියන් ලක්ෂ 22 කට අධික පිරිසක් සිටින බව සඳහන්.