Search

තරුෂිගේ ඇඳුම් කට්ටලයක් ඔලිම්පික් කෞතුකාගාරයට

ශ්‍රී ලංකා ධාවන ශූරි තරුෂි කරුණාරත්න විසින් 2024 පැරිස් ඔලිම්පික් තරගවලදී භාවිතා කළ ක්‍රීඩා ඇඳුම් කට්ටලයක් ස්විට්සර්ලන්තයේ Lausanne හි පිහිටා ඇති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) ක්‍රීඩා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා භාරදී තිබෙනවා.

මෙවර ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර 800 ඉසව්ව සඳහා ආසියාව නියෝජනය කළ ළාබාලතම ක්‍රීඩිකාව වීම හේතුවෙනුයි ඇයගේ ඇඳුම් කට්ටලයක් මෙලෙස ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරෙන්නේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයෙකුගේ ඇඳුම් කට්ටලයක් Lausanne හි IOC කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට තෝරාගෙන ඇත්තේ ඉතිහාසයේ පළමු වරට බව ද සඳහන්.

ඒ අනුව තරුෂි සිය අත්සනින් යුතුව ක්‍රීඩා ඇඳුම් කට්ටලය IOC කෞතුකාගාරයේ ප්‍රදර්ශන හා වැඩසටහන් පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී ඈන් ජැකාර්ඩ් වෙත උත්සවාකාරයෙන් පිරිනමා තිබුණා.

එලෙස කළ පරිත්‍යාගය අගයමින් තරුෂිට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් විසින් අත්සන් කරන ලද සහතිකයක් ද ලැබෙනු ඇති.

2024 වික්ටෝරියා අධ්‍යාපන සම්මාන නිර්දේශ අතරට ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකුත්

2024 වසරේ වික්ටෝරියා ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා (Victoria’s education awards) ශ්‍රී ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකු ද සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »