Search

සිඩ්නි පොදු ප්‍රවාහනයේ ගිය 227ක් අත්අඩංගුවට

නිව් සවුත්වේල්ස් පොලිසිය විසින් සිඩ්නි නගරය පුරා සිදු කළ මෙහෙයුමකදී පොදු ප්‍රවාහනයේ විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් 227කට වඩා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයන්ට චෝදනා 400කට අධික සංඛ්‍යාවක් ගොනු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Parramatta, Kingswood, Penrith, Winston Hills, Bondi Junction සහ Surry Hills යන ප්‍රදේශවලදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුවී තිබෙනවා.

පහරදීම්, කොල්ලකෑම් සහ ලිංගික හිංසන ඇතුළු බරපතල අපරාධවලට සම්බන්ධ වැරදිකරුවන් මෙම මෙහෙයුමේ ඉලක්කය වූ බව සඳහන්.

පසුගිය මාසයේ ආරම්භ වූ මෙම විශේෂ මෙහෙයුමට නිලධාරීන් 200කට වැඩි පිරිසක් යොදවා ඇති අතර නගරය පුරා විවිධ සෝදිසි වරෙන්තු සහ ගිනි අවි සම්බන්ධ පරීක්ෂා කිරීම් ද සිදු කර තිබෙනවා.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ සම්බන්ධ චෝදනා, පිහි, පතොරම් සහ තහනම් මත් ද්‍රව්‍ය ද මෙම විශේෂ පොලිස් මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියාසිටියේ.

සහකාර කොමසාරිස් ස්ටීවන් හෙගාර්ටි ප්‍රකාශ කළේ මෙම මෙහෙයුම අඛණ්ඩව සිදු කරන අතර පොදු ප්‍රවාහන ජාලයේ සිදුවන අපරාධ මර්දනයට පොලිසියේ පූර්ණ බලය භාවිතා කරන බවයි.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »