
ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කල ලාබාලතම පුද්ගලයා බවට 15 හැවිරිදි නවසීලන්ත තරුණයෙකු පත්ව තිබෙනවා.
බි්‍රස්බන් නුවර සිට නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර දක්වා ගමන් කල ගුවන් යානයකිනුයි ඔහු පිටත් කර යවා තිබුණේ.
කෙසේවෙතත් මෙම ක්‍රියාවත් සමග ඔස්ටේ්‍රලියා – නවසීලන්ත දෙරට අතර සබඳතා කිසියම් පලුදුවීමකටද ලක්වුණි දැයි සැකයක් මතුවී තිබෙනවා.

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් ඊට අප්‍රසාදය පළකර තිබීම ඊට හේතුවයි.