Search

ඔස්ට්‍රේලියා ක්‍රිකට් CEO දැඩි තීරණයක් ගනී

ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නික් හොක්ලි (Nick Hockley) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

නික් හොක්ලි සඳහන් කළේ මෙය දුෂ්කර තීරණයක් වුව ද තවත් අභියෝගයක් භාර ගැනීමට මෙය සුදුසු කාලය වන අතර නව ප්‍රධාන විධායක නිලධාරියෙකු තෝරා ගැනීමට පාලක මණ්ඩලයට ප්‍රමාණවත් කාලයක් පවතින බවයි.

වසර 13 කට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් සේවය කළ නික් හොක්ලි (Nick Hockley) වසර 5ක කාලයක් ප්‍රධාන විධායක නිලධාරීවරයා කටයුතු කර තිබෙනවා.

ඔස්ට්‍රේලියා ක්‍රිකට්වලට සම්බන්ධ විවිධ තනතුරුවල සේවය කර ඇති හොක්ලි 2020 ජුනි මාසයේදී ඔස්ට්‍රේලියා ක්‍රිකට් හි අන්තර්වාර ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කරන ලද අතර මාස එකොළහකට පසුව ස්ථිර ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කරනු ලැබුවා.

ඔස්ට්‍රේලියා පිරිමි සහ කාන්තා කණ්ඩායම් පන්දුවාර 20 සහ එක්දින ලෝක කුසලාන දිනා ගැනීම මෙන්ම පසුගිය වසරේ ලෝක ටෙස්ට් ශූරතාවලිය ජය ගැනීම සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා රන් පදක්කම් ඇතුළුව පිටියේ සැලකිය යුතු සාර්ථකත්වයක් ලැබූ කාලසීමාව තුළ නික් හොක්ලි ප්‍රධාන විධායක නිලධාරී තනතුරේ කටයුතු කළා.

2022 වසරේ ඔස්ට්‍රේලියා කණ්ඩායම ද 1998 වසරෙන් පසු පළමු වරට පාකිස්තානයේ සංචාරය කිරීම ද වැදගත් සිදුවීමක්.

නික් හොක්ලි 2025 වසරේ මාර්තු මාසයේ අවසානය දක්වා හෝ ඔහුගේ ධුරයේ මීළඟට වැඩ භාර ගන්නා නිලධාරියා පත් කිරීමෙන් පසු ඉවත් වීමට අපේක්ෂා කරන බව සඳහන්.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »