
එළඹෙන උත්සව සමයේ ජනතාවගේ සංචරණය සීමා කිරීමට අදාළ කටයුතු සම්පාදනය කිරීමට වසංගත රෝග විද්‍යා ඒකකය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා කියා සිටියේ උත්සව සමයේදි කොළඹ නගරයට ජනතාව වැඩි වශයෙන් පැමිණිමෙන් ගැටලුකාරී තත්වයක් උද්ගත විය හැකි බවයි.
පී සී ආර් පරීක්ෂණ පිළිබද සමාලෝචනයක් කිරීම අත්‍යවශ්‍ය බව සමන්ත ආනන්ද මහතා පෙන්වා දුන්නා.
